මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් ඉසිපතන නම් මිගදායයෙහි වැඩ වසන සේක. එ සමයෙහි පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණි මණ්ඩලමාලයෙහි රැස්ව හුන් බොහෝ තෙරමහණුන් අතර මෙ අතුරු කථාව පහළ විය: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායන සමාගමයෙහි තිස්ස මෙත්තෙය්‍ය මාණවකයාගේ ප්‍රශ්නයෙහි දී:
එ (රහත් භික්ෂුතෙම) “උභයාන්තය ප්‍රඥායෙන් දැන මධ්‍යයෙහි නො තැවරේ නම් ඔහු මහාපුරුෂය යි කියමි. හේ මේ පස්කඳෙහි සිබ්බනිසඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඉක්ම ගියේ ය”යි. (මෙය වදාරණ ලදි)
ඇවැත්නි, එක් අන්තය කවරේ යැ, දෙවන අන්තය කවරේ යැ, මධ්‍යය කවරේ යැ, සිබ්බනි කවර යැයි.
(1) මෙ සේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්හට තෙල කීය: “ඇවැත්නි, (ස්පර්‍ශවශයෙන් උපන් හෙයින් වර්‍තමාන ආත්මභාව සඞ්ඛ්‍යාත) ස්පර්‍ශය එක් අන්තයෙක. (අනාගතාත්මභාව සඞ්ඛ්‍යාත) ඵස්සසමුදය දෙවන අන්ත ය, (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ස්පර්‍ශ නිරෝධය මධ්‍යය වෙයි. තෘෂ්ණාව සිබ්බනි යැ. තෘෂ්ණාව ම එ (ආත්මභාවද්වය සඞ්ඛ්‍යාත) ඵස්සය හා ඵස්සසමුදය ඒ ඒ භවයාගේ අභිනිර්වෘත්තිය සඳහා හිවන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ (චතුස්සත්‍යධර්‍ම සඞ්ඛ්‍යාත) අභිඥෙයය මනා කොට දන්නේ ය. (ලෞකික සත්‍යද්වය සඞ්ඛ්‍යාත) පරිඥෙය පිරිසිඳ දන්නේ ය. අභිඥෙයය අභිජානන කරණුයේ පරිඥෙයය පරිජානන කරණුයේ ඉහාත්ම භාවයෙහි ම වෘත්ත දුඃඛය කෙළවර කරන්නේ ය යි.
(2) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්හට මෙය කී ය: “ඇවැත්නි, අතීතාත්මභාවය එක අන්තයෙක, අනාගතාත්මභාවය දෙවන අන්තය යි, ප්‍රත්‍යුත්පන්නාත්මභාවය මධ්‍යය යි. තෘෂ්ණාව සිබ්බනිය යි. තෘෂ්ණාව ම ඒ ඒ භවයාගේ ඉපැත්ම සඳහා එය (අතිතානාගතපච්චුප්පන්න ඛන්ධ) හිවනේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥෙයය අභිජානනය කෙරෙයි. පරිඥෙයය පරිජානනය කෙරෙයි. අභිඥෙයය මනාකොට දන්නේ පරිඥෙයය පිරිසිඳ දන්නේ ඉහාත්මභාවයෙහි ම දුක් කෙළවර කරන්නේ ය”යි.
(3) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, සුඛ වේදනා එක් අන්ත යැ, දුක්ඛවේදනාව දෙවන අන්ත යැ, අදුක්ඛමසුඛ වේදනාව මධ්‍යය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම ඒ ඒ භවයාගේ අභිනිර්වෘත්තිය සඳහා එය හිවන්නේ ය. ඇවැත්නි මෙතෙකින් මහණ අභිඥෙයය අභිඥාත වෙයි, ... ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වේ ය”යි.
(4) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, නාමය එක් අන්ත යැ, රූපය දෙවන අන්තය වෙයි. ප්‍රතිසන්ධි විඥානය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව එය මසයි ... ඉහාත්මයෙහි ම දුක් අන්ත කරන්නේ වේ ය” යි.
(5) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කීය: “ඇවැත්නි, ෂට්ආධ්‍යාත්මිකායතන එක අන්ත යැ. ෂට්බාහ්‍යආයතන දෙවන අන්ත යි. කර්‍මවිඥානය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම එ එ භවයාගේ ඉපැත්ම පිණිස එය හිවයි. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥෙයය අභිඥාත වෙයි ... ඉහාත්මයෙහි දුක් (අන්තකරන්නේ වේ ය”යි)
(6) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කීය: “ඇවැත්නි, (ත්‍රෛභූමක වර්‍ත සඞ්ඛ්‍යාත) සත්කාය එක අන්ත යැ, (සමුදයසත්‍ය සඞ්ඛ්‍යාත) සත්කායසමුදය දෙවන අන්ත යි, (නිරොධසත්‍ය සඞ්ඛ්‍යාත) සත්කාය නිරෝධය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම එ එ භාවයාගේ ඉපැත්ම පිණිස එය හිවන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥෙය අභිඥාත වෙය, පරිඥෙයය පරිඥාත වෙයි, අභිඥෙයය අභිඥාන කෙරෙමින් පරිඥෙයය පරිඥානකෙරෙමින් ඉහාත්මභාවයෙහි ම දුක් අන්තකරන්නේ වේ ය”යි.
මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කීය: “ඇවැත්නි, අප හැම දෙන විසින් ම ස්වකීය ප්‍රතිභානය ප්‍රකාශ කරණ ලදි. ඇවැත්නි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම්හ, එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකරම්හ, අපහට යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ විවරණ කෙරෙත් නම් එපරිදි එය ධරම්හ”යි. ඇවැත්නි, එසේ ය යි, තෙර මහණහු එ මහණහට පිළිවදන් ඇස්වූහ.
එක්බිති තෙර මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් තෙර මහණහු හැම දෙනා හා සමග යම් ප්‍රමාණ කථාසංලාපයෙක් ඇති වී නම්, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. වහන්ස, කවුරුන්ගේ (භාෂිතය) සුභාෂිත වේ දැ?”යි.
“මහණෙනි, පර්‍ය්‍යායයෙන් (ඒ ඒ කරුණින්) තොප හැමගේ කථා සුභාෂිත ය. වැලිදු මා විසින් පාරායනයෙහි ‘මෙත්තෙය්‍ය පඤ්හ’යෙහි යමක් සඳහා:
“එ (රහත් මහණ) ප්‍රඥාවෙන් උභයාන්තය දැන මධ්‍යයෙහි නො තැවරේ නම්, ඔහු මහාපුරුෂ යයි ද, හේ මෙලොව සිබ්බනී සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඉක්මගියේ යි කියමි”යි වදාරන ලද නම්, එය මනා කොට අසව මෙනෙහි කරව, කියන්නෙමි”යි
‘වහන්ස, එසේ ය’යි, එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
මහණෙනි, වර්‍තමාන ආත්මභාව (සඞ්ඛ්‍යාත) ඵස්සය එක් අන්තයක, (අනාගතාත්මභාව සඞ්ඛ්‍යාත) ඵස්සසමුදය දෙවන අන්තය වෙයි. ඵස්ස නිරෝධය මධ්‍යය වෙයි. තෘෂ්ණාව සිබ්බනිය යි. තෘෂ්ණාව ම ඒ ඒ ආත්මභාවයාගේ අභිනිර්‍වෘත්තිය සඳහා එය හිවන්නේ ය. මහණෙනි, මෙ පමණෙකින් මහණ අභිඥෙයය අභිජානන කරෙයි. පරිඥෙයය පරිජානන කෙරෙයි. අභිඥෙය විශිෂ්ටඥානයෙන් දන්මින් පරිඥෙයය පිරිසිඳ දන්මින් ඉහාත්මයෙහි දුඃඛය අවසන් කරන්නේ වේ ය යි.
The Majjhe Sutta is a discourse where the Buddha provides clarification on the concept of the "middle" path and the nature of craving in relation to various aspects of existence. This conversation takes place at the Deer Park in Isipatana, Benares, where a group of monks were engaged in a deep discussion about a previous teaching given by the Buddha to the ascetic Tissa Metteyya. The monks were trying to understand the meaning of avoiding the two extremes and dwelling in the middle, as referred to by the Buddha in his teaching.
Key Points from the Sutta:
The Two Extremes and the Middle:
Craving as the Root of Suffering:
Examples of the Middle Path:
Buddha's Explanation:
Attaining Liberation:
Contextual Understanding:
The Majjhe Sutta serves to clarify the Buddha’s teaching on the middle way, which avoids the extremes of indulgence and self-denial. It emphasizes the importance of understanding craving as the source of suffering and explains how insight into the true nature of existence can lead to liberation. By practicing mindfulness and insight, a disciple is able to avoid attachment to extremes and instead dwell in the wisdom of the middle, leading to the cessation of suffering.
Kassapa Arana Meditation Association Inc
7/66 Hallam Road Hampton Park Victoria 3976 Australia
© 2022 Kassapa Arana Meditation Association Incorporated
ABN: 12 687 114 876
All rights reserved.
www.kasspaarana.org
We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.