Kassapa Arana Buddhist Meditation Centre

Kassapa Arana Buddhist Meditation CentreKassapa Arana Buddhist Meditation CentreKassapa Arana Buddhist Meditation Centre

Kassapa Arana Buddhist Meditation Centre

Kassapa Arana Buddhist Meditation CentreKassapa Arana Buddhist Meditation CentreKassapa Arana Buddhist Meditation Centre
  • Home
  • Our Services
    • About Us
    • Dhamma Discussions
    • Monthly Sil Program
    • Meditation Sessions
    • Events & Calendar
  • Our Mission
    • 2022 Visit to Melbourne
    • 2022 Visit to Sydney
    • 2023 Visit to Melbourne
    • 2023 Visit to Sydney
  • Events
  • Glossary
    • Dhamma Sermons
    • Books
    • දට්ඨබ්බ සුත්‍රය
    • මජ්‌ඣෙ සූත්‍රය
    • මහාවේදල්ල සූත්‍රය
    • චූළවේදල්ල සූත්‍රය
  • Contact
  • More
    • Home
    • Our Services
      • About Us
      • Dhamma Discussions
      • Monthly Sil Program
      • Meditation Sessions
      • Events & Calendar
    • Our Mission
      • 2022 Visit to Melbourne
      • 2022 Visit to Sydney
      • 2023 Visit to Melbourne
      • 2023 Visit to Sydney
    • Events
    • Glossary
      • Dhamma Sermons
      • Books
      • දට්ඨබ්බ සුත්‍රය
      • මජ්‌ඣෙ සූත්‍රය
      • මහාවේදල්ල සූත්‍රය
      • චූළවේදල්ල සූත්‍රය
    • Contact

  • Home
  • Our Services
    • About Us
    • Dhamma Discussions
    • Monthly Sil Program
    • Meditation Sessions
    • Events & Calendar
  • Our Mission
    • 2022 Visit to Melbourne
    • 2022 Visit to Sydney
    • 2023 Visit to Melbourne
    • 2023 Visit to Sydney
  • Events
  • Glossary
    • Dhamma Sermons
    • Books
    • දට්ඨබ්බ සුත්‍රය
    • මජ්‌ඣෙ සූත්‍රය
    • මහාවේදල්ල සූත්‍රය
    • චූළවේදල්ල සූත්‍රය
  • Contact

මජ්ඣිම නිකාය - මූල පණ්ණාසකෝ - චූළවේදල්ල සුත්තං

චූළවේදල්ල සුත්තං - ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් වශයෙන් වදාළ කුඩා දෙසුම

 

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. අථ ඛෝ විසාඛෝ උපාසකෝ යේන ධම්මදින්නා භික්ඛුනී තේනුපසංකමි. උපසංකමිත්වා ධම්මදින්නා භික්ඛුනිං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ විසාඛෝ උපාසකෝ ධම්මදින්නං භික්ඛුනිං ඒතදවෝච: 

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ‘කලක්දක නිවාප’ නම් වේළුවනාරාමයේ. එදා විසාඛ උපාසකතුමා (ගිහි කල තම බිරිඳ වූ) ධම්මදින්නා භික්ෂුණිය බැහැදකින්න ගියා. ගිහින් ධම්මදින්නා භික්ෂුණියට වන්දනා කළා. පැත්තකින් වාඩි වුනා. ඊට පස්සෙ පැත්තකින් වාඩිවුණු විසාඛ උපාසකතුමා ධම්මදින්නා භික්ෂුණිය ගෙන් මෙහෙම විමසුවා. 

1. සක්කායෝ සක්කායෝති අය්‍යේ වුච්චති. කතමෝ නු ඛෝ අය්‍යේ සක්කායෝ වුත්තෝ භගවතාති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ‘සක්කාය, සක්කාය’ කියන වචනය ධර්මයේ සඳහන් වෙනවා. පින්වත් ආර්යාවනි, මේ ‘සක්කාය’ කියන වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක් ගැන ද?” 

පඤ්ච ඛෝ ඉමේ ආවුසෝ විසාඛ උපාදානක්ඛන්ධා සක්කායෝ වුත්තෝ භගවතා. සෙය්‍යථිදං: රූපූපාදානක්ඛන්ධෝ වේදනුපාදානක්ඛන්ධෝ සඤ්ඤුපාදානක්ඛන්ධෝ සංඛාරූපාදානක්ඛන්ධෝ විඤ්ඤාණූපාදානක්ඛන්ධෝ. ඉමේ ඛෝ ආවුසෝ විසාඛ පඤ්චුපාදානක්ඛන්ධා සක්කායෝ වුත්තෝ භගවතාති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, මේ ‘සක්කාය’ කියන වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ පංච උපාදානස්කන්ධය ගැනයි. එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මෙයයි. ආයුෂ්මත් විසාඛ, මේ පංච උපාදානස්කන්ධයටයි භාග්‍යවතුන් වහන්සේ ‘සක්කාය’ කියල වදාළේ.” 

2. සාධු අය්‍යේති ඛෝ විසාඛෝ උපාසකෝ ධම්මදින්නාය භික්ඛුනියා භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ධම්මදින්නං භික්ඛුනිං උත්තරිං පඤ්හං ආපුච්ඡි: සක්කායසමුදයෝ සක්කායසමුදයෝති අය්‍යේ වුච්චති. කතමෝ නු ඛෝ අය්‍යේ සක්කායසමුදයෝ වුත්තෝ භගවතාති?. 

“සාදු! සාදු! ආර්යාවනි” කියල විසාඛ උපාසකතුමා ධම්මදින්නා භික්ෂුණිය ගේ සදහම් පිළිතුර සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුනා. යළිත් ධම්මදින්නා භික්ෂුණිය ගෙන් තවදුරටත් විමසුවා.(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ‘සක්කාය හටගන්නවා, සක්කාය හටගන්නවා’ කියල වචනයක් ධර්මයේ සඳහන් වෙනවා. පින්වත් ආර්යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ ‘සක්කාය හටගැනීම’ යනුවෙන් වදාළේ කුමක් ගැන ද?” 

යායං ආවුසෝ විසාඛ තණ්හා පෝනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. අයං ඛෝ ආවුසෝ විසාඛ සක්කායසමුදයෝ වුත්තෝ භගවතාති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, යළිත් භවයක් හැදෙන (පෝනෝභවිකා) ආශ්වාදයෙන් ඇලෙන (නන්දිරාග සහගතා) ගිය ගිය තැන සතුටින් පිළිගන්නා (තත්‍ර තත්‍රාභිනන්දිනී) යම් තණ්හාවක් ඇද්ද, ඒ කියන්නෙ; කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාවයි. ආයුෂ්මත් විසාඛ, භාග්‍යවතුන් වහන්සේ මේ ත්‍රිවිධ තණ්හාවටයි ‘සක්කාය හටගැනීම’ යනුවෙන් වදාළේ.” 

3. සක්කායනිරෝධෝ සක්කායනිරෝධෝති, අය්‍යේ වුච්චති. කතමෝ නු ඛෝ. අය්‍යේ සක්කායනිරෝධෝ වුත්තෝ භගවතාති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ‘සක්කාය නිරුද්ධ වීම, සක්කාය නිරුද්ධ වීම’ කියන වචනය ධර්මයේ සඳහන් වෙනවා. ‘සක්කාය නිරුද්ධ වීම’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක් ගැන ද?” 

යෝ ඛෝ ආවුසෝ විසාඛ තස්සායේව තණ්හාය අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ, අයං ඛෝ ආවුසෝ විසාඛ සක්කායනිරෝධෝ වුත්තෝ භගවතාති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ඒ ත්‍රිවිධ තණ්හාවේ ම ඉතිරි නැතුව, නොඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, දුරු වීමක් ඇද්ද, නිදහස් වීමක් ඇද්ද, ආලය දුරු කිරීමක් ඇද්ද, ආයුෂ්මත් විසාඛ, මේ තණ්හාව නැති කිරීම ම යි භාග්‍යවතුන් වහන්සේ ‘සක්කාය නිරුද්ධ වීම’ යනුවෙන් වදාළේ.” 

4. සක්කායනිරෝධගාමිනීපටිපදා සක්කායනිරෝධගාමිනීපටිපදාති අය්‍යේ වුච්චති. කතමා නු ඛෝ අය්‍යේ සක්කායනිරෝධගාමිනීපටිපදා වුත්තා භගවතාති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ‘සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල, සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල’ යන වචනය ධර්මයේ සඳහන් වෙනවා. පින්වත් ආර්යාවෙනි, ‘සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක් ගැන ද?” 

අයමේව ඛෝ ආවුසෝ විසාඛ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සක්කායනිරෝධගාමිණීපටිපදා, වුත්තා භගවතා සෙය්‍යථිදං: සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධීති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ‘සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල’ හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ග ම යි. ඒ කියන්නෙ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේවායි.” 

5. තඤ්ඤේව නු ඛෝ අය්‍යේ උපාදානංතේව පඤ්චුපාදානක්ඛන්ධා, උදාහු අඤ්ඤං නු ඛෝ පඤ්චහුපාදානක්ඛන්ධේහි උපාදානන්ති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, උපාදාන කියන්නෙ පංච උපාදානස්කන්ධයට ද? එහෙම නැත්නම් උපාදාන කියන්නෙ පංච උපාදානස්කන්ධයෙන් බැහැර දේකට ද?” 

න ඛෝ ආවුසෝ විසාඛ තඤ්ඤේව උපාදානං, තේව පඤ්චුපාදානක්ඛන්ධා, නපි අඤ්ඤත්‍ර පඤ්චහුපාදානක්ඛන්ධේහි උපාදානං. යෝ ඛෝ ආවුසෝ විසාඛ පඤ්චසුපාදානක්ඛන්ධේසු ඡන්දරාගෝ, තං තත්ථ උපාදානන්ති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, උපාදාන කියන්නෙ පංච උපාදානස්කන්ධයට නොවෙයි. ඒ වගේම උපාදාන කියන්නෙ පංච උපාදානස්කන්ධයෙන් බැහැර දේකටත් නොවෙයි. ආයුෂ්මත් විසාඛ, පංච උපාදානස්කන්ධය ගැන කැමැත්තෙන් ඇලීමක් (ඡන්දරාගෝ) ඇද්ද, ඒක තමයි එතන තියෙන උපාදානය.” 

6. කථං පනය්‍යෙ සක්කායදිට්ඨි හෝතීති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සක්කාය දිට්ඨිය ඇතිවෙන්නෙ කොහොමද?” 

ඉධාවුසෝ විසාඛ අස්සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්සාවී අරියධම්මස්ස අකෝවිදෝ අරියධම්මේ අවිනීතෝ, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකෝවිදෝ සප්පුරිසධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වේදනං අත්තතෝ සමනුපස්සති, වේදනාවන්තං වා අත්තානං, අත්තති වා වේදනං, වේදනාය වා අත්තානං. සඤ්ඤං අත්තතෝ සමනුපස්සති, සඤ්ඤාවන්තං වා අත්තානං , අත්තනිවා සඤ්ඤං, සඤ්ඤාය වා අත්තානං. සංඛාරේ අත්තතෝ සමනුපස්සති, සංඛාරවන්තං වා අත්තානං, අත්තනි වා සංඛාරේ, සංඛාරේසු වා අත්තානං. විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. ඒවං ඛෝ ආවුසෝ විසාඛ සක්කායදිට්ඨි හෝතී”ති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ආර්යන් වහන්සේලාව හඳුනන්නෙ නෑ. ආර්ය ධර්මයක් තේරුම්ගන්න දක්ෂත් නෑ. ආර්ය ධර්මයක හික්මෙන්නෙත් නෑ. සත්පුරුෂයන් හඳුනන්නෙත් නෑ. සත්පුරුෂ ධර්මය තේරුම්ගන්න දක්ෂත් නෑ. සත්පුරුෂ ධර්මයක පුහුණු වෙන්නෙත් නෑ.ඉතින් ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා ‘රූපය ආත්මය’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය රූපවත් ය’ කියල මුලාවෙන් දකිනවා. ‘රූපය තිබෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය තිබෙන්නෙ රූපය තුළ’ කියල මුළාවෙන් දකිනවා.‘විඳීම ආත්මය’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය විඳීමෙන් හටගත්ත දෙයක්’ කියල මුලාවෙන් දකිනවා. ‘විඳීම තියෙන්නෙ ආත්මය තුළයි’ කියල මුලාවෙන් දකිනවා. ‘විඳීම තුළයි ආත්මය තියෙන්නෙ’ කියල මුලාවෙන් දකිනවා.‘සඤ්ඤාව ආත්මය’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය සඤ්ඤාවෙන් හැදිල තියෙනවා’ කියල මුලාවෙන් දකිනවා. ‘සඤ්ඤාව තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය තියෙන්නෙ සඤ්ඤාව තුළ’ කියල මුලාවෙන් දකිනවා.‘සංස්කාර ආත්මය’ කියල මුලාවෙන් දකිනවා. ‘සංස්කාරවලින් හටගත් ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකිනවා. ‘සංස්කාර තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය තියෙන්නෙ සංස්කාර තුළ’ කියල මුලාවෙන් දකිනවා.‘විඤ්ඤාණය ආත්මය’ කියල මුලාවෙන් දකිනවා. ‘විඤ්ඤාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකිනවා. ‘විඤ්ඤාණය තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකිනවා. ‘ආත්මය තියෙන්නෙ විඤ්ඤාණය තුළ’ කියල මුලාවෙන් දකිනවා. ආයුෂ්මත් විසාඛ, ඔන්න ඔය විදියටයි සක්කාය දිට්ඨිය ඇතිවෙන්නෙ.” 

7. කථං පනය්‍යෙ සක්කායදිට්ඨි න හෝතීති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සක්කාය දිට්ඨිය ඇති නොවන්නෙ කොහොම ද? ” 

ඉධාවුසෝ විසාඛ සුතවා අරියසාවකෝ අරියානං දස්සාවී අරියධම්මස්ස කෝවිදෝ අරියධම්මේ සුවිනීතෝ, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කෝවිදෝ සප්පුරිසධම්මේ සුවිනීතෝ, න රූපං අත්තතෝ සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වේදනං අත්තතෝ සමනුපස්සති, න වේදනාවන්තං වා අත්තානං, න අත්තනි වා වේදනං, න වේදනයාය වා අත්තානං. න සඤ්ඤං අත්තතෝ සමනුපස්සති, න සඤ්ඤාවන්තං වා අත්තානං, න අත්තනි වා සඤ්ඤං, න සඤ්ඤාය වා අත්තානං. න සංඛාරේ අත්තතෝ සමනුපස්සති, න සංඛාරවන්තං වා අත්තානං, න අත්තනි වා සංඛාරේ, න සංඛාරේසු වා අත්තානං. න විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. ඒවං ඛෝ ආවුසෝ විසාඛ සක්කායදිට්ඨි න හෝතීති. 

(පිළිතුර) ආයුෂ්මත් විසාඛ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලාව හඳුනනවා. ආර්ය ධර්මයක් තේරුම්ගන්නත් දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂයන්ව හඳුනනවා. සත්පුරුෂ ධර්මය තේරුම්ගන්නත් දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා.ඔහු ‘රූපය ආත්මය’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘රූපය තිබෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘ආත්මය තිබෙන්නෙ රූපය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ.‘විඳීම ආත්මය’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘විඳීමෙන් හටගත් ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘ආත්මය තුළයි විඳීම තියෙන්නෙ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘විඳීම තුළයි ආත්මය තියෙන්නෙ’ කියල මුළාවෙන් දකින්නෙ නෑ.‘සඤ්ඤාව ආත්මය’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘සඤ්ඤාවෙන් හැදිච්ච ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘සඤ්ඤාව තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘ආත්මය තියෙන්නෙ සඤ්ඤාව තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ.‘සංස්කාර ආත්මයයි’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘සංස්කාරවලින් හැදිච්ච ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘සංස්කාර තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘ආත්මය තියෙන්නෙ සංස්කාර තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ.‘විඤ්ඤාණය ආත්මයයි’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘විඤ්ඤාණයෙන් හැදිච්ච ආත්මයක් තියෙනවා’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘විඤ්ඤාණය තියෙන්නෙ ආත්මය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ‘ආත්මය තියෙන්නෙ විඤ්ඤාණය තුළ’ කියල මුලාවෙන් දකින්නෙ නෑ. ආයුෂ්මත් විසාඛ, ඔන්න ඔය විදිහටයි සක්කාය දිට්ඨිය නැතිව යන්නෙ.” 

8. කතමෝ පනය්‍යෙ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, මොකක් ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නෙ?” 

අයමේව ඛෝ ආවුසෝ විසාඛ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථිදං: සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධීති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් මේක ම යි. ඒ කියන්නෙ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේවායි.” 

9. අරියෝ පනය්‍යෙ අට්ඨංගිකෝ මග්ගෝ සංඛතෝ උදාහු අසංඛතෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය සංඛතයක් (හේතුඵල දහමින් සකස් වූ දෙයක්) ද? නැත්නම් අසංඛතයක් (හේතුඵල දහමින් සකස් වූ නොවූ දෙයක්) ද?” 

අරියෝ ඛෝ ආවුසෝ විසාඛ අට්ඨංගිකෝ මග්ගෝ සංඛතෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංඛතයකි.” 

10. අරියේන නු ඛෝ අය්‍යේ අට්ඨංගිකේන මග්ගේන තයෝ ඛන්ධා සංගහීතා, උදාහු තීහි ඛන්ධේහි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සංගහීතෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ස්කන්ධ තුන සමන්විත යි ද? එහෙම නැත්නම්, ස්කන්ධ තුන තුළින් ද ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදිල තියෙන්නෙ?” 

න ඛෝ ආවුසෝ විසාඛ අරියේන අට්ඨංගිකේන මග්ගේන තයෝ ඛන්ධා සංගහීතා. තීහි ච ඛෝ ආවුසෝ විසාඛ ඛන්ධේහි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සංගහීතෝ: යා චාවුසෝ විසාඛ සම්මාවාචා යෝ ච සම්මාකම්මන්තෝ යෝ ච සම්මාආජීවෝ, ඉමේ ධම්මා සීලක්ඛන්ධේ සංගහීතා. යෝ ච සම්මාවායාමෝ යා ච සම්මාසති යෝ ච සම්මාසමාධි, ඉමේ ධම්මා සමාධික්ඛන්ධේ සංගහීතා. යා ච සම්මාදිට්ඨි යෝ ච සම්මාසංකප්පෝ, ඉමේ ධම්මා පඤ්ඤාක්ඛන්ධේ සංගහීතාති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ස්කන්ධ තුන හැදිල තියෙන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නොවෙයි. ආයුෂ්මත් විසාඛ, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ස්කන්ධ තුනෙන් හැදිල තියෙන්නෙ. ආයුෂ්මත් විසාඛ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග තියෙන්නෙ සීලස්කන්ධයේ. සමාධි ස්කන්ධයට ඇතුළත් වන්නෙ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංගයි. ප්‍රඥා ස්කන්ධයට ඇතුළත් වන්නෙ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මාර්ගාංගයි.” 

11. කතමෝ පනය්‍යෙ සමාධි, කතමේ සමාධිනිමිත්තා, කතමේ සමාධිපරික්ඛාරා, කතමා සමාධිභාවනාති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සමාධිය කියන්නෙ මොකක් ද? සමාධියට මුල්වෙන අරමුණු කියන්නෙ මොනවා ද? සමාධි පිරිකර කියන්නෙ මොනවා ද? සමාධිය වඩනවා කියන්නෙ මොකක් ද?” 

යා ඛෝ ආවුසෝ විසාඛ, චිත්තස්ස ඒකග්ගතා අයං සමාධි. චත්තාරෝ සතිපට්ඨානා සමාධිනිමිත්තා. චත්තාරෝ සම්මප්පධානා සමාධිපරික්ඛාරා. යා තේසංයේව ධම්මානං ආසේවනා භාවනා බහුලීකම්මං, අයං තත්ථ සමාධිභාවනාති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, කුසල් සිතක යම් එකඟ බවක් ඇද්ද, මේක තමයි සමාධිය. සමාධියට මුල් වෙන අරමුණු කියන්නෙ සතර සතිපට්ඨානයටයි. සමාධි පිරිකර කියල කියන්නෙ සතර සම්‍යක්ප්‍රධාන වීරියටයි. සමාධිය වැඩීම කියල කියන්නෙ ඔය චිත්ත ඒකාග්‍රතාවයත්, සතර සතිපට්ඨානයත්, සතර සම්‍යක්ප්‍රධානයත්, නිතර පුරුදු කිරීමයි. වැඩීමයි. බහුල වශයෙන් වැඩීමයි.” 

12. කති පනය්‍යෙ සංඛාරාති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සංස්කාර කොච්චර තියෙනවා ද?” 

තයෝමේ ආවුසෝ විසාඛ සංඛාරා: කායසංඛාරෝ වචීසංඛාරෝ චිත්තසංඛාරෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සංස්කාර තුනක් තියෙනවා. ඒ කියන්නෙ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවායි.” 

13. කතමෝ පනය්‍යෙ කායසංඛාරෝ, කතමෝ වචීසංඛාරෝ, කතමෝ චිත්තසංඛාරෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, කාය සංස්කාර කියන්නෙ මොනවා ද? වචී සංස්කාර කියන්නෙ මොනවා ද? චිත්ත සංස්කාර කියන්නෙ මොනවා ද?” 

අස්සාසපස්සාසා ඛෝ ආවුසෝ විසාඛ කායසංඛාරෝ. විතක්කවිචාරා වචීසංඛාරෝ. සඤ්ඤා ච වේදනා ච චිත්තසංඛාරෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, කාය සංස්කාර කියන්නෙ, ආශ්වාස ප්‍රශ්වාස වලටයි. වචී සංස්කාර කියන්නේ විතර්ක විචාරවලටයි. චිත්ත සංස්කාර කියන්නෙ සඤ්ඤා විඳීම්වලටයි.” 

14. කස්මා පනය්‍යෙ අස්සාසපස්සාසා කායසංඛාරෝ? කස්මා විතක්කවිචාරා වචීසංඛාරෝ, කස්මා සඤ්ඤා ච වේදනා ච චිත්තසංඛාරෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ආශ්වාස ප්‍රශ්වාසවලට කාය සංස්කාර කියන්නෙ මොකද? විතර්ක විචාරවලට වචී සංස්කාර කියන්නෙ මොකද? සඤ්ඤා විඳීම්වලට චිත්ත සංස්කාර කියන්නෙ මොකද?” 

අස්සාසපස්සාසා ඛෝ ආවුසෝ විසාඛ කායිකා ඒතේ ධම්මා කායපටිබද්ධා. තස්මා අස්සාසපස්සාසා කායසංඛාරෝ. පුබ්බේ ඛෝ ආවුසෝ විසාඛ විතක්කෙත්වා විචාරෙත්වා පච්ඡා වාචං භින්දති. තස්මා විතක්කවිචාරා වචීසංඛාරෝ. සඤ්ඤා ච වේදනා ච චේතසිකා ඒතේ ධම්මා චිත්තපටිබද්ධා. තස්මා සඤ්ඤා ච වේදනා ච චිත්තසංඛාරෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ආශ්වාස ප්‍රශ්වාස කායික දෙයක්. ඒවා බැඳිල තියෙන්නෙ කයටයි. ඒ නිසයි ආශ්වාස, ප්‍රශ්වාසවලට කාය සංස්කාර කියන්නෙ. ආයුෂ්මත් විසාඛ, ඉස්සෙල්ල ම කරන්නෙ හිතින් විතර්ක විචාර කරන එක. ඊට පස්සෙ තමයි වචන කතා කරන්නෙ. ඒ නිසයි විතර්ක විචාරවලට වචී සංස්කාර කියන්නෙ. සඤ්ඤා වේදනා දෙක සිතටයි අයිති. ඒවා සිත හා බැඳිලයි තියෙන්නෙ. ඒ නිසා ම තමයි සඤ්ඤා වේදනාවලට චිත්ත සංස්කාර කියන්නෙ.” 

15. කථං ච පනය්‍යෙ සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති හෝතීති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නෙ කොහොම ද?” 

න ඛෝ ආවුසෝ විසාඛ සඤ්ඤාවේදයිතනිරෝධං සමාපජ්ජන්තස්ස භික්ඛුනෝ ඒවං හෝති: අහං සඤ්ඤාවේදයිතනිරෝධං සමාපජ්ජිස්සන්ති වා, අහං සඤ්ඤාවේදයිතනිරෝධං සමාපජ්ජාමීති වා, අහං සඤ්ඤාවේදයිතනිරෝධං සමාපන්නෝති වා. අථ ඛ්වාස්ස පුබ්බේව තථා චිත්තං භාවිතං හෝති යන්තං තථත්තාය උපනේතීති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුවට මෙහෙම හිතෙන්නෙ නෑ. ‘මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්න ඕන. එහෙම නම් දැන් මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඔන්න දැන් මම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදුනා’ කියල. නමුත් ඒ භික්ෂුවගේ හිත කලින් ම ඒ විදිහට දියුණු කරලයි තියෙන්නෙ. ඒ නිසයි නිරෝධ සමාපත්තියට සුදුසු විදිහට සිත සකස් වෙන්නෙ.” 

16. සඤ්ඤාවේදයිතනිරෝධං සමාපජ්ජන්තස්ස පනය්‍යෙ භික්ඛුනෝ කතමේ ධම්මා පඨමං නිරුජ්ඣන්ති: යදි වා කායසංඛාරෝ යදි වා වචීසංඛාරෝ යදි වා චිත්තසංඛාරෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදුණු භික්ෂුව තුළ ඉස්සෙල්ලා ම නිරුද්ධ වෙන්නෙ මොනවා ද? කාය සංස්කාර ද? වචී සංස්කාර ද? චිත්ත සංස්කාර ද?” 

සඤ්ඤාවේදයිතනිරෝධං සමාපජ්ජන්තස්ස ඛෝ ආවුසෝ විසාඛ භික්ඛුනෝ පඨමං නිරුජ්ඣති වචීසංඛාරෝ, තතෝ කායසංඛාරෝ, තතෝ චිත්තසංඛාරෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුව තුළ ඉස්සෙල්ලා ම නිරුද්ධ වෙන්නෙ වචී සංස්කාර, ඊට පස්සෙ නිරුද්ධ වෙන්නෙ කාය සංස්කාර, ඊට පස්සෙ නිරුද්ධ වෙන්නෙ චිත්ත සංස්කාර.” 

17. කථං පනය්‍යෙ සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨානං හෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නෙ කොහොම ද?” 

න ඛෝ ආවුසෝ විසාඛ, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨහන්තස්ස භික්ඛුනෝ ඒවං හෝති: අහං සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨහිස්සන්ති වා, අහං සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨහාමීති වා, අහං සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨිතෝති වා. අථ ඛ්වාස්ස පුබ්බේව තථා චිත්තං භාවිතං හෝති යන්තං තථත්තාය උපනේතීති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට මෙහෙම හිතෙන්නෙ නෑ. ‘මං සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්න ඕන. එහෙම නම් දැන් මං සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. ඔන්න මං සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටා’ කියල. නමුත් ඒ භික්ෂුව තුළ නිරෝධ සමාපත්තියෙන් නැගිටින විදිහට කලින් ම සිත දියුණු කරලයි තියෙන්නෙ.” 

18. සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨහන්තස්ස පනය්‍යෙ භික්ඛුනෝ කතමේ ධම්මා පඨමං උප්පජ්ජන්ති, යදි වා කායසංඛාරෝ, යදි වා වචීසංඛාරෝ, යදි වා චිත්තසංඛාරෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට ඉස්සෙල්ලා ම ඇතිවෙන්නෙ මොනවා ද? කාය සංස්කාර ද? වචී සංස්කාර ද? චිත්ත සංස්කාර ද?” 

සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨහන්තස්ස ඛෝ ආවුසෝ විසාඛ භික්ඛුනෝ පඨමං උප්පජ්ජති චිත්තසංඛාරෝ, තතෝ කායසංඛාරෝ, තතෝ වචීසංඛාරෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුව තුළ ඉස්සෙල්ලා ම ඇතිවෙන්නෙ චිත්ත සංස්කාර, ඊට පස්සෙ ඇති වෙන්නෙ කාය සංස්කාර, ඊට පස්සෙ ඇති වෙන්නෙ වචී සංස්කාර.” 

19. සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨිතං පනය්‍යෙ භික්ඛුං කති ඵස්සා ඵුසන්තීති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, නිරෝධ සමාපත්තියෙන් නැගිට්ට භික්ෂුව ගේ සිතට දැනෙන්නෙ කොයි ආකාරයේ ස්පර්ශයන් ද?” 

සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨිතං ඛෝ ආවුසෝ විසාඛ භික්ඛුං තයෝ ඵස්සා ඵුසන්ති: සුඤ්ඤතෝ ඵස්සෝ, අනිමිත්තෝ ඵස්සෝ, අප්පණිහිතෝ ඵස්සෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, නිරෝධ සමාපත්තියෙන් නැගිට්ට භික්ෂුවට තුන් ආකාරයක ස්පර්ශයක් දැනෙනවා. ‘සුඤ්ඤතය’ ස්පර්ශ වෙනවා. ‘අනිමිත්තය’ ස්පර්ශ වෙනවා. ‘අප්පණිහිතය’ ස්පර්ශ වෙනවා.” 

20. සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨිතස්ස පනය්‍යෙ භික්ඛුනෝ කින්නින්නං චිත්තං හෝති කිම්පෝණං කිම්පබ්භාරන්ති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට්ට භික්ෂුවගේ සිත යොමු වෙලා තියෙන්නෙ මොනවාට ද? නැඹුරු වෙලා තියෙන්නෙ මොනවාට ද?” 

සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨිතස්ස ඛෝ ආවුසෝ විසාඛ භික්ඛුනෝ විවේකනින්නං චිත්තං හෝති විවේකපෝණං විවේකපබ්භාරන්ති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට්ට භික්ෂුවගේ සිත මානසික විවේකයටයි නැඹුරු වෙලා තියෙන්නෙ. මානසික විවේකයටයි යොමු වෙලා තියෙන්නෙ.” 

21. කති පනය්‍යෙ වේදනාති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, විඳීම් කීයක් තියෙනවා ද?” 

තිස්සෝ ඛෝ ඉමා ආවුසෝ විසාඛ වේදනා: සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛමසුඛා වේදනාති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, විඳීම් තුනක් තියෙනවා. සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත වීඳීම කියලා.” 

22. කතමා පනය්‍යෙ සුඛා වේදනා, කතමා දුක්ඛා වේදනා, කතමා අදුක්ඛමසුඛා වේදනාති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සැප විඳීම කියන්නෙ මොකක් ද? දුක් විඳීම කියන්නෙ මොකක් ද? දුක් සැප රහිත විඳීම කියල කියන්නෙ මොකක් ද?” 

යං ඛෝ ආවුසෝ විසාඛ කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදයිතං, අයං සුඛා වේදනා. යං ඛෝ ආවුසෝ විසාඛ කායිකං වා චේතසිකං වා දුක්ඛං අසාතං වේදයිතං, අයං දුක්ඛා වේදනා. යං ඛෝ ආවුසෝ විසාඛ කායිකං වා චේතසිකං වා නේවසාතං නාසාතං වේදයිතං, අයං අදුක්ඛමසුඛා වේදනාති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, කායිකව හෝ මානසිකව හෝ යම්කිසි සැපයක්, මිහිරක් විඳිනවා නම් ඒක තමයි සැප විඳීම. ආයුෂ්මත් විසාඛ, කායිකව හෝ මානසිකව හෝ යම්කිසි දුකක්, අමිහිරි බවක් විඳිනවා නම් ඒක තමයි දුක් විඳීම කියන්නෙ. ආයුෂ්මත් විසාඛ, කායිකව හෝ මානසිකව හෝ යම්කිසි මිහිරිත් නැති, අමිහිරිත් නැති, විඳීමක් විඳිනවා නම් ඒක තමයි දුක් සැප රහිත විඳීම.” 

23. සුඛා පනය්‍යෙ වේදනා කිංසුඛා, කිංදුක්ඛා? දුක්ඛා වේදනා කිංදුක්ඛා කිංසුඛා? අදුක්ඛමසුඛා වේදනා කිංසුඛා කිංදුක්ඛාති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සැප විඳීමේ තියෙන සැපය මොකක් ද? දුක මොකක් ද? දුක් විඳීමේ තියෙන දුක මොකක් ද? සැපය මොකක් ද? දුක් සැප රහිත විඳීමේ තියෙන සැපය මොකක් ද? දුක මොකක් ද?” 

සුඛා ඛෝ ආවුසෝ විසාඛ වේදනා ඨිතිසුඛා විපරිණාමදුක්ඛා, දුක්ඛා වේදනා ඨිතිදුක්ඛා විපරිණාමසුඛා, අදුක්ඛමසුඛා වේදනා ඤාණසුඛා අඤ්ඤාණදුක්ඛාති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සැප විඳීම පැවතීම ම යි සැපය. ඒ සැප විඳීම වෙනස් වීමයි දුක. දුක් විඳීමේ පැවතීම ම යි දුක. දුක් විඳීම වෙනස් වීමයි සැපය. දුක් සැප රහිත විඳීම අවබෝධ වීමයි සැපය. ඒක අවබෝධ නොවීමයි දුක.” 

24. සුඛාය පනය්‍යෙ වේදනාය කිං අනුසයෝ අනුසේති? දුක්ඛාය වේදනාය කිං අනුසයෝ අනුසේති? අදුක්ඛමසුඛාය වේදනාය කිං අනුසයෝ අනුසේතීති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සැප විඳීමේ දී, සිත තුළ බැසගන්නේ කොයි අනුසයක් ද? දුක් විඳීමේ දී සිත තුළ බැසගන්නේ කොයි අනුසයක් ද? දුක් සැප රහිත (උපේක්ෂා) විඳීමක් විඳීමේ දී සිත තුළ බැසගන්නේ කොයි අනුසයක් ද?” 

සුඛාය ඛෝ ආවුසෝ විසාඛ වේදනාය රාගානුසයෝ අනුසේති. දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති. අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසේතීති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සැප විඳීමේ දී සිත තුළ බැසගන්නේ රාග අනුසයයි. දුක් විඳීමේ දී සිත තුළ බැසගන්නෙ පටිඝ අනුසයයි. දුක් සැප රහිත (උපේක්ෂා) විඳීමේ දී හිත තුළ බැසගන්නෙ අවිද්‍යා අනුසයයි.” 

25. සබ්බාය නු ඛෝ අය්‍යේ සුඛාය වේදනාය රාගානුසයෝ අනුසේති? සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති? සබ්බාය අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසේතීති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, හැම සැප විඳීමක දී ම සිත තුළ රාගානුසය බැසගන්නවා ද? හැම දුක් විඳීමක දී ම සිත තුළ පටිඝ අනුසය බැසගන්නවා ද? දුක් සැප රහිත හැම විඳීමක දී ම සිත තුළ අවිද්‍යා අනුසය බැසගන්නවා ද?” 

න ඛෝ ආවුසෝ විසාඛ සබ්බාය සුඛාය වේදනාය රාගානුසයෝ අනුසේති. න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති. න සබ්බාය අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසේතීති. 

(පිළිතුර) “නෑ ආයුෂ්මත් විසාඛ, හැම සැප විඳීමක දී ම සිත තුළ රාගානුසය බැසගන්නෙ නෑ. හැම දුක් විඳීමක දී ම සිත තුළ පටිඝ අනුසය බැසගන්නෙ නෑ. හැම දුක් සැප රහිත විඳීමක දී ම සිත තුළ අවිද්‍යා අනුසය බැසගන්නෙ නෑ.” 

26. සුඛාය පනය්‍යෙ වේදනාය කිං පහාතබ්බං? දුක්ඛාය වේදනාය කිං පහාතබ්බං? අදුක්ඛමසුඛාය වේදනාය කිං පහාතබ්බන්ති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සැප වේදනාවෙහි කුමක් ප්‍රහාණය කළ යුතු ද? දුක් වේදනාවෙහි කුමක් ප්‍රහාණය කළ යුතු ද? උපේක්ෂා වේදනාවෙහි කුමක් ප්‍රහාණය කළ යුතු ද?” 

සුඛාය ඛෝ ආවුසෝ විසාඛ වේදනාය රාගානුසයෝ පහාතබ්බෝ. දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහාතබ්බෝ. අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහාතබ්බෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, ප්‍රහාණය කරන්න තියෙන්නෙ සැප විඳීම තුළින් ඇතිවෙන රාගානුසයයි. ප්‍රහාණය කරන්න තියෙන්නෙ දුක් විඳීම තුළින් ඇතිවෙන පටිඝානුසයයි. ප්‍රහාණය කරන්න තියෙන්නෙ උපේක්ෂා විඳීම තුළින් ඇතිවෙන අවිද්‍යානුසයයි.” 

27. සබ්බාය නු ඛෝ, අය්‍යේ සුඛාය වේදනාය රාගානුසයෝ පහාතබ්බෝ? සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහාතබ්බෝ? සබ්බාය අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහාතබ්බෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, හැම සැප විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු රාගානුසයක් තියෙනවා ද? හැම දුක් විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු පටිඝානුසයක් තියෙනවා ද? හැම උපේක්ෂා විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු අවිද්‍යා අනුසයක් තියෙනවා ද?” 

න ඛෝ ආවුසෝ විසාඛ සබ්බාය සුඛාය වේදනාය රාගානුසයෝ පහාතබ්බෝ. න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහාතබ්බෝ. න සබ්බාය අදුක්ඛමසුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහාතබ්බෝ. 

(පිළිතුර) “නෑ ආයුෂ්මත් විසාඛ, හැම සැප විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු රාගානුසයක් නෑ. හැම දුක් විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු පටිඝානුසයක් නෑ. හැම උපේක්ෂා විඳීමක් තුළ ම ප්‍රහාණය කළ යුතු අවිද්‍යානුසයක් නෑ. 

ඉධාවුසෝ විසාඛ භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. රාගං තේන පජහති. න තත්ථ රාගානුසයෝ අනුසේති. 

ආයුෂ්මත් විසාඛ, මෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙනවා. අකුසල් වලින් වෙන් වෙනවා. විතර්ක සහිත විචාර සහිත මානසික විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛය තියෙන පළවෙනි ධ්‍යානය ලබාගෙන ඉන්නවා. ඒ තුළ ඉඳල රාගය අත්හරිනවා. එතකොට ඒ ධ්‍යානය තුළ ඇතිවෙන සැපයට රාගානුසය හටගන්නෙ නෑ. 

ඉධාවුසෝ විසාඛ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: ‘කුදස්සු නාමාහං තදායතනං උපසම්පජ්ජ විහරිස්සාමි, යදරියා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්තී’ති. ඉති අනුත්තරේසු විමෝක්ඛේසු පිහං උපට්ඨාපයතෝ උප්පජ්ජති. පිහප්පච්චායා දෝමනස්සං. පටිඝං තේන පජහති. න තත්ථ පටිඝානුසයෝ අනුසේති. 

ආයුෂ්මත් විසාඛ, මෙහි භික්ෂුව මේ විදිහට නුවණින් සිහිකරන්න පටන් ගන්නවා. ‘පින්වත් ආර්යයන් වහන්සේලා ඒ උතුම් අරහත්වයට පැමිණිල වැඩසිටිනවා නෙව. අනේ! මාත් කවරදාක නම් ඒ අමා නිවන් සුව සාක්ෂාත් කරන්න ද!’ මේ විදිහට අනුත්තර වූ විමුක්ති සැප ගැන නුවණින් විමසන කොට, ඒ කෙරෙහි කැමැත්තක් ඇතිවෙනවා. ඒ හේතුවෙන් සිතේ දුකකුත් ඇති වෙනවා. හැබැයි ඒ විමුක්තිය ලබන අදහසේ ඉඳල ම යි පටිඝය දුරු කරන්නෙ. ඒ නිසා අමා නිවන ලබන්න හිතන විට ඇති වන දුක තුළ පටිඝානුසය ඇති වෙන්නෙ නෑ. 

ඉධාවුසෝ විසාඛ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අවිජ්ජං තේන පජහති. න තත්ථ අවිජ්ජානුසයෝ අනුසේතීති. 

ආයුෂ්මත් විසාඛ, භික්ෂුව සැපයත් නැතිකරනවා. දුකත් නැතිකරනවා. කලින් ම මානසික සැප දුක් දෙක දුරුකරනවා. දුක් නැති, සැප නැති, පිරිසිදු උපේක්ෂාවත් සිහියත් ඇති හතර වන ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ ධ්‍යානය මුල් කරගෙන ඔහු අවිද්‍යාව දුරු කරනවා. එතකොට ඒ ධ්‍යානය තුළ අවිද්‍යානුසය ඇතිවෙන්නෙ නෑ.” 

28. සුඛාය පනය්‍යෙ වේදනාය කිං පටිභාගෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, සැප විඳීමට විරුද්ධ දේ මොකක් ද?” 

සුඛාය ඛෝ ආවුසෝ විසාඛ වේදනාය දුක්ඛා වේදනා පටිභාගෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, සැප විඳීමට විරුද්ධ දේ දුක් විඳීමයි.” 

29. දුක්ඛාය පනය්‍යෙ වේදනාය කිං පටිභාගෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, දුක් විඳීමට විරුද්ධ දේ මොකක් ද?” 

දුක්ඛාය ඛෝ ආවුසෝ විසාඛ වේදනාය සුඛා වේදනා පටිභාගෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, දුක් විඳීමට විරුද්ධ දේ සැප විඳීමයි.” 

30. අදුක්ඛමසුඛාය පනය්‍යෙ වේදනාය කිං පටිභාගෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, උපේක්ෂා විඳීමට පක්ෂ දේ මොකක් ද?” 

අදුක්ඛමසුඛාය ඛෝ ආවුසෝ විසාඛ වේදනාය අවිජ්ජා පටිභාගෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, උපේක්ෂා විඳීමට පක්ෂ දේ අවිද්‍යාවයි.” 

31. අවිජ්ජාය පනය්‍යෙ කිං පටිභාගෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, අවිද්‍යාවට විරුද්ධ දේ මොකක් ද?” 

අවිජ්ජාය ඛෝ ආවුසෝ විසාඛ විජ්ජා පටිභාගෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, අවිද්‍යාවට විරුද්ධ දේ විද්‍යාවයි.” 

32. විජ්ජාය පනය්‍යෙ කිං පටිභාගෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, විද්‍යාවට පක්ෂ දේ මොකක් ද?” 

විජ්ජාය ඛෝ ආවුසෝ විසාඛ විමුත්ති පටිභාගෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, විද්‍යාවට පක්ෂ දේ විමුක්තියයි.” 

33. විමුත්තියා පනය්‍යෙ කිං පටිභාගෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, විමුක්තියට පක්ෂ දේ මොකක් ද?” 

විමුත්තියා ඛෝ ආවුසෝ විසාඛ නිබ්බානං පටිභාගෝති. 

(පිළිතුර) “ආයුෂ්මත් විසාඛ, විමුක්තියට පක්ෂ දේ ඒ අමා නිවනයි.” 

34. නිබ්බානස්ස පනය්‍යෙ කිං පටිභාගෝති? 

(ප්‍රශ්නය) “පින්වත් ආර්යාවනි, ඒ අමා නිවනට පක්ෂ දේ මොකක් ද?” 

අච්චසරාවුසෝ විසාඛ පඤ්හං. නාසක්ඛි පඤ්හානං පරියන්තං ගහේතුං. නිබ්බානෝගධං හි ආවුසෝ විසාඛ බ්‍රහ්මචරියං නිබ්බානපරායනං නිබ්බානපරියෝසානං. ආකංඛමානෝ ච ත්වං ආවුසෝ විසාඛ භගවන්තං උපසංකමිත්වා ඒතමත්ථං පුච්ඡෙය්‍යාසි, යථා ච තේ භගවා බ්‍යාකරෝති තථා නං ධාරෙය්‍යාසීති. 

“ආයුෂ්මත් විසාඛ, ප්‍රශ්නය ඉක්මවා ගියා. ප්‍රශ්නයේ සීමාව තේරුම් ගන්න ඔබට බැරි වුනා නෙව. ආයුෂ්මත් විසාඛ, මේ බඹසර ජීවිතය ඒ අමා නිවන පිහිට කරගෙනයි තියෙන්නෙ. මේ බඹසර ජීවිතය ඒ අමා නිවනින් ම සමාප්ත වෙනවා. ඉතින් ආයුෂ්මත් විසාඛ, ඔබ කැමති නම් භාග්‍යවතුන් වහන්සේ බැහැදැකලා ඔය කාරණේ අහන්න. භාග්‍යවතුන් වහන්සේ යම් විදිහකින් වදාරන සේක් ද, ඒ විදිහට මතක තබාගන්න.” 

අථ ඛෝ විසාඛෝ උපාසකෝ ධම්මදින්නාය භික්ඛුනියා භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා ධම්මදින්නං භික්ඛුනිං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ විසාඛෝ උපාසකෝ යාවතකෝ අහෝසි ධම්මදින්නාය භික්ඛුනියා සද්ධිං කථාසල්ලාපෝ, තං සබ්බං භගවතෝ ආරෝචේසි. 

එතකොට විසාඛ උපාසකතුමා, ධම්මදින්නා භික්ෂුණියගේ ධර්ම කථාවට ගොඩක් සතුටු වුනා. සතුටින් අනුමෝදන් වුනා. අසුනින් නැගිටල ධම්මදින්නා භික්ෂුණියට වන්දනා කළා. පැදකුණු කළා. ඊට පස්සෙ එතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින්, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවෙලා, ධම්මදින්නා භික්ෂුණියත් සමග තමන් යම් ධර්ම කතාවක් කළා ද, ඒ මුළු ධර්ම කථාව ම භාග්‍යවතුන් වහන්සේට සැළ කළා. 

ඒවං වුත්තේ භගවා විසාඛං උපාසකා ඒතදවෝච: පණ්ඩිතා විසාඛ ධම්මදින්නා භික්ඛුනී, මහාපඤ්ඤා විසාඛ ධම්මදින්නා භික්ඛුනී. මමඤ්චේපි ත්වං විසාඛ ඒතමත්ථං පුච්ඡෙය්‍යාසි, අහම්පි තං ඒවමේවං බ්‍යාකරෙය්‍යං යථා තං ධම්මදින්නාය භික්ඛුනියා බ්‍යාකතං. ඒසෝ චේවේතස්ස අත්ථෝ. ඒවමේතං ධාරේහීති. 

එතකොට භාග්‍යවතුන් වහන්සේ විසාඛ උපාසකතුමාට මෙහෙම වදාළා. “පින්වත් විසාඛ, ඔය ධම්මදින්නා භික්ෂුණිය හරිම බුද්ධිමත්. පින්වත් විසාඛ, ඔය ධම්මදින්නා භික්ෂුණිය මහා ප්‍රඥාවන්තයි. පින්වත් විසාඛ, ඔබ ඔය කාරණා මගෙන් ඇහුවොත්, මං පිළිතුරු දෙන්නෙත් ඔය විදිහට තමයි. ඔය ධර්ම සාකච්ඡාවේ දී කියවුණු කරුණු හරි. ඒ නිසා ඒක ඔය විදිහට ම මතක තබාගන්න ඕන.” 

ඉදමවෝච භගවා. අත්තමනෝ විසාඛෝ උපාසකෝ භගවතෝ භාසිතං අභිනන්දීති. 

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. විසාඛ උපාසකතුමාත් ඒ ගැන ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණු සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා. 

සාදු! සාදු!! සාදු!!! 

චූළවේදල්ල සුත්තං චතුත්ථං. 

ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් වශයෙන් වදාළ කුඩා දෙසුම නිමා විය

english translation - Cūḷavedalla Sutta

Summary of Cūḷavedalla Sutta (MN 44) – The Lesser Series of Questions and Answers

In the Cūḷavedalla Sutta, a dialogue takes place between Visākhā the lay follower and Dhammadinnā Bhikkhunī, a nun who was once Visākhā’s wife before she ordained. Visākhā approaches Dhammadinnā to ask a series of profound questions about Buddhist teachings, specifically focusing on the concept of self and the aggregates (khandhas).

Key Points of the Sutta:

  1. Question about "Sakkāya":
    • Visākhā asks what the Buddha meant by the term "Sakkāya" (identity or self). Dhammadinnā explains that Sakkāya refers to the five aggregates of clinging (pañcupādānakkhandhā): form, feeling, perception, mental formations, and consciousness. These are the basis for identity and attachment.

  1. Origin and Cessation of Sakkāya:
    • Visākhā then asks about the origin and cessation of sakkāya. Dhammadinnā explains that craving (taṇhā) is the origin, and the cessation of craving leads to the cessation of sakkāya. The Noble Eightfold Path is the way leading to the cessation of sakkāya.

  1. Questions about Clinging and the Aggregates:
    • Visākhā further inquires whether clinging is related to the five aggregates. Dhammadinnā confirms that clinging arises in relation to the five aggregates when there is attachment to them, not separately.

  1. Right View and the Abandonment of Sakkāya:
    • Dhammadinnā explains that one who has the right view does not perceive the aggregates as self, and this leads to the abandonment of identity view (sakkāya-diṭṭhi).

  1. Noble Eightfold Path and the Aggregates:
    • Dhammadinnā outlines how the Noble Eightfold Path consists of three groupings: virtue (sīla), concentration (samādhi), and wisdom (paññā), each linked to the development of the path and cessation of suffering.

  1. Meditative States:
    • Visākhā asks about deeper meditative states, such as the cessation of perception and feeling. Dhammadinnā explains that such states occur when a person has fully developed insight and non-attachment.

  1. Feelings and their Clinging:
    • Dhammadinnā elaborates on the three types of feelings: pleasant, painful, and neutral, explaining how attachment arises from them and leads to further suffering.

  1. Endorsement by the Buddha:
    • At the end of the discussion, Visākhā reports the conversation to the Buddha, who praises Dhammadinnā’s wisdom and confirms that her explanations were in line with his teachings.


Conclusion:

The Cūḷavedalla Sutta is an insightful dialogue that covers core Buddhist concepts, including the five aggregates, clinging, craving, and the path to liberation. Through this discourse, it is demonstrated that deep understanding of these teachings leads to detachment and the cessation of suffering.

Kassapa Arana Meditation Association Inc

7/66 Hallam Road Hampton Park Victoria 3976 Australia

© 2022 Kassapa Arana Meditation Association Incorporated

© 2024 Kassapa Arana Buddhist Meditation Centre

ABN:  12 687 114 876

All rights reserved.



Powered by

This website uses cookies.

We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.

Accept