තිස්සෝ ඉමා භික්ඛවේ වේදනා. කතමා තිස්සෝ: සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛමසුඛා වේදනා. සුඛා භික්ඛවේ වේදනා දුක්ඛතෝ දට්ඨබ්බා, දුක්ඛා වේදනා සල්ලතෝ දට්ඨබ්බා, අදුක්ඛමසුඛා වේදනා අනිච්චතෝ දට්ඨබ්බා.
පින්වත් මහණෙනි, මේ වේදනා තුනකි. මොනවද ඒ තුන? සැප විඳීම, දුක් විඳීම හා දුක් සැප රහිත විඳීමයි. පින්වත් මහණෙනි, සැප වේදනාව දුක් වශයෙන් දැක්ක යුතුයි. දුක් වේදනාව හුලක් වශයෙන් දැක්ක යුතුයි. දුක සැප රහිත වේදනාව අනිත්‍ය වශයෙන් දැක්ක යුතුයි.
යතෝ ඛෝ භික්ඛවේ භික්ඛුනෝ සුඛා වේදනා දුක්ඛතෝ දිට්ඨා හෝති, දුක්ඛා වේදනා සල්ලතෝ දිට්ඨා හෝති, අදුක්ඛමසුඛා වේදනා අනිච්චතෝ දිට්ඨා හෝති, අයං වුච්චති භික්ඛවේ භික්ඛු සම්මද්දසෝ අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයි සඤ්ඤෝජනං, සම්මාමානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
පින්වත් මහණෙනි, යම් කලෙක භික්ෂුව විසින් සැප වේදනාව දුක් වශයෙන් දැක ගත්තා නම්, දුක් වේදනාව හුල් වශයෙන් දැක ගත්තා නම්, දුක් සැප රහිත වේදනාව අනිත්‍ය වශයෙන් දැක ගත්තා නම්, පින්වත් මහණෙනි, මේ භික්ෂුවට තමයි වේදනාවන් පිළිබඳ මනාකොට දැකපු කෙනා කියලා කියන්නේ. තණ්හාව සිඳ දැමූ කෙනා කියලා කියන්නේ. බන්ධනයන් ඉක්මවා ගිය කෙනා කියලා කියන්නේ. මානයන් මනාකොට අවබෝධ කරලා හැම දුක් අවසන් කළා කියලා කියන්නේ.
(ගාථාවන් ය)
යෝ සුඛං දුක්ඛතෝ අද්ද දුක්ඛමද්දක්ඛි සල්ලතෝඅදුක්ඛමසුඛං සන්තං අද්දක්ඛි නං අනිච්චතෝ
1. යම් කෙනෙක් සැප වේදනාව දුක් වශයෙන් දැක්කා නම්, දුක් වේදනාව හුල් වශයෙන් දැක්කා නම්, දුක් සැප රහිත විඳීම අනිත්‍ය වශයෙන් දැක්කා නම්,
ස වේ සම්මද්දසෝ භික්ඛු පරිජානාති වේදනාසෝ වේදනා පරිඤ්ඤාය දිට්ඨධම්මේ අනාසවෝකායස්ස භේදා ධම්මට්ඨෝ සංඛං නෝපේති වේදගූති
2. ඒකාන්තයෙන් ම ඒ භික්ෂුව නියම දේ දැකලා තියෙනවා. වේදනාවන් පිරිසිඳ දකිනවා. ඒ භික්ෂුව විඳීම පිරිසිඳ දැන ගෙන මේ ජීවිතයේදීම ආශ්‍රව රහිත වෙනවා. දහම තුළ පිහිටි අවබෝධයෙහි මුදුන් පත් ඒ භික්ෂුව කය බිඳී මරණින් මතු පැණවීමකට එන්නේ නෑ.
සාදු! සාදු!! සාදු!!!
දට්ඨබ්බ සූත්‍රය නිමා විය.
This discourse is about the nature of feelings (vedanā) and how they should be understood by a practitioner.
The Buddha explains that there are three types of feelings:
The Buddha advises the monks that these feelings should be understood in the following ways:
The Buddha emphasizes that a wise practitioner should understand these feelings without attachment or aversion. By viewing pleasant feelings as leading to suffering, painful feelings as burdensome, and neutral feelings as impermanent, one can cultivate detachment from all three types of feelings. This understanding leads to the abandonment of craving (taṇhā), the overcoming of mental fetters (saññojanas), and ultimately to the cessation of suffering (nibbāna).
We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.