ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ සූකරඛතායං. අථ ඛෝ දීඝනඛෝ පරිබ්බාජකෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ දීඝනඛෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච:
මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි සූකරඛත ගල් ලෙනෙහි ය. එදා දීඝනඛ පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිට ගත් දීඝනඛ පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
අහං හි භෝ ගෝතම ඒවංවාදී ඒවංදිට්ඨි, ‘සබ්බං මේ න ඛමතී’ති. යාපි ඛෝ තේ ඒසා අග්ගිවෙස්සන දිට්ඨි ‘සබ්බං මේ න ඛමතී’ති, ඒසාපි තේ දිට්ඨි න ඛමතීති. ඒසා චේ මේ භෝ ගෝතම දිට්ඨි ඛමෙය්‍ය ‘තංපස්ස තාදිසමේව, තංපස්ස තාදිසමේවා’ති. අතෝ ඛෝ තේ අග්ගිවෙස්සන බහූ හි බහුතරා ලෝකස්මිං යේ ඒවමාහංසු: ‘තංපස්ස තාදිසමේව, තංපස්ස තාදිසමේවා’ති. තේ තඤ්චේව දිට්ඨිං නප්පජහන්ති, අඤ්ඤඤ්ච දිට්ඨිං උපාදියන්ති. අතෝ ඛෝ තේ අග්ගිවෙස්සන තනූ හි තනුතරා ලෝකස්මිං යේ ඒවමාහංසු: ‘තංපස්ස තාදිසමේව තංපස්ස තාදිසමේවා’ති. තේ තඤ්චේව දිට්ඨිං පජහන්ති, අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියන්ති.
“භවත් ගෞතමයන් වහන්ස, මං මෙබඳු වූ දෘෂ්ඨියක් දරණ කෙනෙක්. ඒ කියන්නෙ ‘සියලු දෙයට මං අකමැතියි’ යන දෘෂ්ඨිය යි.” “පින්වත් අග්ගිවෙස්සන (මෙය ගෝත්‍ර නාමයක් වශයෙන් භාවිතා කොට තිබේ), ‘සියලු දෙයට මං අකමැතියි’ යන යම් දෘෂ්ඨියක් ඇද්ද, ඒ දෘෂ්ඨියට ත් ඔබ අකමැතියි ද?”“භවත් ගෞතමයන් වහන්ස, මේ දෘෂ්ඨියට මං කැමති නම්, එය ත් එබඳු වූ ම එකක් තමයි. එය ත් එබඳු වූ ම එකක් තමයි.”“පින්වත් අග්ගිවෙස්සන, ලෝකයෙහි බොහෝ දෙනෙක් බොහෝ දෘෂ්ඨි අල්ලගෙන ඔය විදිහට තමයි කියන්නෙ. ‘එය ත් එබඳු වූ ම එකක් තමයි, එය ත් එබඳු වූ ම එකක් තමයි’ කියල. ඉතින් ඔවුන් ඒ දෘෂ්ඨිය පවා අත්හරින්නෙ නෑ. තවත් දෘෂ්ඨි වලට අහුවෙනවා. ඒ වගේ ම පින්වත් අග්ගිවෙස්සන, ලෝකයෙහි යම් කෙනෙක් මෙහෙම කියනවා ද, ‘එය ත් එබඳු වූ ම එකක් තමයි, එය ත් එබඳු වූ ම එකක් තමයි’ කියල, ඔවුන් අතර එය කියන ස්වල්ප දෙනෙක් ඉන්නවා. ඔවුන් ඒ දෘෂ්ඨිය පවා අත්හරිනවා. වෙන දෘෂ්ඨියකට අහුවෙන්නෙත් නෑ.
සන්තග්ගිවෙස්සන ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘සබ්බං මේ ඛමතී’ති. සන්තග්ගිවෙස්සන ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘සබ්බං මේ න ඛමතී’ති. සන්තග්ගිවෙස්සන ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘ඒකච්චං මේ ඛමති, ඒකච්චං මේ න ඛමතී’ති.
පින්වත් අග්ගිවෙස්සන, මෙබඳු මතවාද ඇති, මෙබඳු දෘෂ්ඨි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ ‘සියලු දෙයට මං කැමතියි’ කියල. ඒ වගේ ම පින්වත් අග්ගිවෙස්සන, මෙබඳු මතවාද ඇති, මෙබඳු දෘෂ්ඨි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ ‘සියලු දෙයට මං අකැමතියි’ කියල. ඒ වගේ ම පින්වත් අග්ගිවෙස්සන, මෙබඳු මතවාද ඇති, මෙබඳු දෘෂ්ඨි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ ‘ඇතැම් දෙයට මං කැමතියි, ඇතැම් දෙයට මං අකමැතියි’ කියල.
තත්‍රග්ගිවෙස්සන යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘සබ්බං මේ ඛමතී’ති. තේසමයං දිට්ඨි සාරාගාය සන්තිකේ සංයෝගාය සන්තිකේ අභිනන්දනාය සන්තිකේ අජ්ඣෝසානාය සන්තිකේ උපාදානාය සන්තිකේ.
පින්වත් අග්ගිවෙස්සන, ඔවුන් අතුරෙන් යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඉන්න පුළුවන්, ‘සියළු දෙයට මං කැමතියි’ කියන මෙබඳු වාද ඇතිව, මෙබඳු දෘෂ්ඨි ඇතිව. එතකොට ඔවුන් ගේ ඒ දෘෂ්ඨිය පවතින්නේ සරාගී බවට ළං වෙල යි. එකතු වීමට ළං වෙල යි. සතුටින් පිළිගැනීමකට ළං වෙල යි. එහි සිත බැස ගැනීමට ළං වෙල යි. එහි ග්‍රහණය වීමට ළං වෙල යි.
තත්‍රග්ගිවෙස්සන යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘සබ්බං මේ න ඛමතී’ති. තේසමයං දිට්ඨි අසාරාගාය සන්තිකේ අසංයෝගාය සන්තිකේ අනභිනන්දනාය සන්තිකේ අනජ්ඣෝසානාය සන්තිකේ අනුපාදානාය සන්තිකේ ති.
පින්වත් අග්ගිවෙස්සන, ඔවුන් අතුරෙන් යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඉන්න පුළුවන්, ‘සියළු දෙයට මං අකැමතියි’ කියන මෙබඳු වාද ඇතිව, මෙබඳු දෘෂ්ඨි ඇතිව. එතකොට ඔවුන් ගේ ඒ දෘෂ්ඨිය පවතින්නේ විරාගී බවට ළං වෙල යි. එකතු නො වීමට ළං වෙල යි. සතුටින් නො පිළිගැනීමකට ළං වෙල යි. එහි සිත නො බැස ගැනීමට ළං වෙල යි. එහි ග්‍රහණය නො වීමට ළං වෙලයි.”
ඒවං වුත්තේ දීඝනඛෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: ‘උක්කංසති මේ භවං ගෝතමෝ දිට්ඨිගතං සමුක්කංසති මේ භවං ගෝතමෝ දිට්ඨිගත’න්ති.
මෙසේ වදාළ විට දීඝනඛ පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයන් වහන්සේ මාගේ දෘෂ්ඨිගතය ඉහළින් වර්ණනා කරන සේක. භවත් ගෞතමයන් වහන්සේ මාගේ දෘෂ්ඨිගතය වඩාත් ඉහළින් වර්ණනා කරන සේක” කියල.
තත්‍රග්ගිවෙස්සන යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘ඒකච්චං මේ ඛමති, ඒකච්චං මේ න ඛමතී’ති. යා හි ඛෝ නේසං ඛමති සායං දිට්ඨි සාරාගාය සන්තිකේ සංයෝගාය සන්තිකේ අභිනන්දනාය සන්තිකේ අජ්ඣෝසානාය සන්තිකේ උපාදානාය සන්තිකේ. යා හි තේසං න ඛමති සායං දිට්ඨි අසාරාගාය සන්තිකේ අසංයෝගාය සන්තිකේ අනභිනන්දනාය සන්තිකේ අනජ්ඣෝසානාය සන්තිකේ අනුපාදානාය සන්තිකේ.
පින්වත් අග්ගිවෙස්සන, ඔවුන් අතුරෙන් යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඉන්න පුළුවන්, ‘ඇතැම් දෙයකට මං කැමතියි, ඇතැම් දෙයකට මං අකමැතියි’ කියන මෙබඳු වාද ඇතිව, මෙබඳු දෘෂ්ඨි ඇතිව. එතකොට ඔවුන් තුළ ඇති කැමති වන්නා වූ යම් දෘෂ්ඨියක් ඇද්ද, ඒ දෘෂ්ඨිය පවතින්නේ සරාගී බවට ළං වෙල යි. එකතු වීමට ළං වෙල යි. සතුටින් පිළිගැනීමකට ළං වෙල යි. එහි සිත බැස ගැනීමට ළං වෙල යි. එහි ග්‍රහණය වීමට ළං වෙල යි. ඒ වගේ ම ඔවුන් තුළ ඇති යමකට අකමැති වන්නා වූ දෘෂ්ඨියක් ඇද්ද, ඒ දෘෂ්ඨිය පවතින්නේ විරාගී බවට ළං වෙල යි. එකතු නො වීමට ළං වෙල යි. සතුටින් නොපිළිගැනීමකට ළං වෙල යි. එහි සිත නො බැස ගැනීමට ළං වෙල යි. එහි ග්‍රහණය නො වීමට ළං වෙල යි.
තත්‍රග්ගිවෙස්සන යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘සබ්බං මේ ඛමතී’ති. තත්ථ විඤ්ඤූ පුරිසෝ ඉති පටිසඤ්චික්ඛති: යා ඛෝ මේ අයං දිට්ඨි ‘සබ්බං මේ ඛමතී’ති. ඉමඤ්චේ අහං දිට්ඨිං ථාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරෙය්‍යං: ‘ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති. ද්වීහි මේ අස්ස විග්ගහෝ. යෝ චායං සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඒවංවාදී ඒවංදිට්ඨි: ‘සබ්බං මේ න ඛමතී’ති. යෝ චායං සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඒවංවාදී ඒවංදිට්ඨි: ‘ඒකච්චං මේ ඛමති, ඒකච්චං මේ න ඛමතී’ති. ඉමේහි මේ අස්ස ද්වීහි විග්ගහෝ, ඉති විග්ගහේ සති විවාදෝ, විවාදේ සති විඝාතෝ, විඝාතේ සති විහේසා. ඉති සෝ විග්ගහඤ්ච විවාදඤ්ච විඝාතඤ්ච විහේසඤ්ච අත්තනි සම්පස්සමානෝ තඤ්චේව දිට්ඨිං පජහති. අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියති. ඒවමේතාසං දිට්ඨීනං පහානං හෝති. ඒවමේතාසං දිට්ඨීනං පටිනිස්සග්ගෝ හෝති.
පින්වත් අග්ගිවෙස්සන, එහිලා මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ඨි ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ; ‘සියලු දෙයට මං කැමතියි’ කියල. ඒ දෘෂ්ඨිය පිළිබඳව බුද්ධිමත් කෙනෙක් මෙහෙම යි නුවණින් විමසන්නෙ. ‘සියලු දෙයට මං කැමතියි’ කියන යම් දෘෂ්ඨියක් මා තුළ තියෙනවා නෙව. ඉතින් මං මේ දෘෂ්ඨිය ම දැඩි ලෙස අල්ලා ගෙන, එහි ම බැසගෙන මේ විදිහට කියන්නට ගියොත්, ‘මෙය ම යි සත්‍යය, අන් සියල්ල හිස්’ කියල එතකොට මට දෙන්නෙකු ගෙන් කරදර ඇති වෙනවා.යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ‘සියලු දෙයට මං අකමැතියි’ කියා මෙබඳු මතවාදයකින් යුක්ත යි ද, මෙබඳු දෘෂ්ඨියකින් යුක්තයි ද, ඒ වගේ ම යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ‘ඇතැම් දෙයකට මං කැමතියි, ඇතැම් දෙයකට මං අකමැතියි’ කියා මෙබඳු මතවාදයකින් යුක්ත යි ද, මෙබඳු දෘෂ්ඨියකින් යුක්තයි ද, මේ දෙදෙනා ගෙන් තමයි මට කෝළාහළ ඇතිවන්නේ. ඉතින් මෙසේ දබරයක් ඇති වුනොත් විවාදයක් හටගන්නවා. විවාදයක් ඇති වූ විට පීඩාවක් ඇතිවෙනවා. පීඩාවක් ඇති වූ විට වෙහෙසක් ඇතිවෙනවා. මේ විදිහට දබර හටගැනීම ත්, වාද විවාද කිරීම ත්, දුක් පීඩා ඇතිවීම ත්, වෙහෙසට පත් වීම ත්, තමා තුළ ඇති වෙන බව දකිමින් ඒ දෘෂ්ඨිය පවා අත්හරිනවා. වෙනත් දෘෂ්ඨියකට හසුවෙන්නෙත් නෑ. ඔන්න ඔය විදිහට යි ඔය දෘෂ්ඨීන් ගේ ප්‍රහාණය වෙන්නෙ. ඔන්න ඔය විදිහට යි ඔය දෘෂ්ඨීන් ගේ දුරු කිරීම වෙන්නෙ.
තත්‍රග්ගිවෙස්සන යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘සබ්බං මේ න ඛමතී’ති. තත්ථ විඤ්ඤූ පුරිසෝ ඉති පටිසඤ්චික්ඛති: යා ඛෝ මේ අයං දිට්ඨි ‘සබ්බං මේ න ඛමතී’ති. ඉමඤ්චේ අහං දිට්ඨිං ථාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරෙය්‍යං: ‘ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති. ද්වීහි මේ අස්ස විග්ගහෝ. යෝ චායං සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඒවංවාදී ඒවංදිට්ඨි: ‘සබ්බං මේ ඛමතී’ති. යෝ චායං සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඒවංවාදී ඒවංදිට්ඨි: ‘ඒකච්චං මේ ඛමති, ඒකච්චං මේ න ඛමතී’ති. ඉමේහි මේ අස්ස ද්වීහි විග්ගහෝ, ඉති විග්ගහේ සති විවාදෝ, විවාදේ සති විඝාතෝ, විඝාතේ සති විහේසා. ඉති සෝ විග්ගහඤ්ච විවාදඤ්ච විඝාතඤ්ච විහේසඤ්ච අත්තනි සම්පස්සමානෝ තඤ්චේව දිට්ඨිං පජහති. අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියති. ඒවමේතාසං දිට්ඨීනං පහානං හෝති. ඒවමේතාසං දිට්ඨීනං පටිනිස්සග්ගෝ හෝති.
පින්වත් අග්ගිවෙස්සන, එහිලා මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ඨි ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ; ‘සියලු දෙයට මං අකමැතියි’ කියල. ඒ දෘෂ්ඨිය පිළිබඳව බුද්ධිමත් කෙනෙක් මෙහෙම යි නුවණින් විමසන්නෙ. ‘සියලු දෙයට මං අකමැතියි’ කියන යම් දෘෂ්ඨියක් මා තුළ තියෙනවා නෙව. ඉතින් මං මේ දෘෂ්ඨිය ම දැඩි ලෙස අල්ලා ගෙන, එහි ම බැසගෙන මේ විදිහට කියන්නට ගියොත්, ‘මෙය ම යි සත්‍යය, අන් සියල්ල හිස්’ කියල එතකොට මට දෙන්නෙකු ගෙන් කරදර ඇති වෙනවා.යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ‘සියලු දෙයට මං කැමතියි’ කියා මෙබඳු මතවාදයකින් යුක්ත යි ද, මෙබඳු දෘෂ්ඨියකින් යුක්තයි ද, ඒ වගේ ම යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ‘ඇතැම් දෙයකට මං කැමතියි, ඇතැම් දෙයකට මං අකමැතියි’ කියා මෙබඳු මතවාදයකින් යුක්ත යි ද, මෙබඳු දෘෂ්ඨියකින් යුක්තයි ද, මේ දෙදෙනා ගෙන් තමයි මට කෝළාහළ ඇතිවන්නේ. ඉතින් මෙසේ දබරයක් ඇති වුනොත් විවාදයක් හටගන්නවා. විවාදයක් ඇති වූ විට පීඩාවක් ඇතිවෙනවා. පීඩාවක් ඇති වූ විට වෙහෙසක් ඇතිවෙනවා. මේ විදිහට දබර හටගැනීම ත්, වාද විවාද කිරීම ත්, දුක් පීඩා ඇතිවීම ත්, වෙහෙසට පත් වීම ත්, තමා තුළ ඇති වෙන බව දකිමින් ඒ දෘෂ්ඨිය පවා අත්හරිනවා. වෙනත් දෘෂ්ඨියකට හසුවෙන්නෙත් නෑ. ඔන්න ඔය විදිහට යි ඔය දෘෂ්ඨීන් ගේ ප්‍රහාණය වෙන්නෙ. ඔන්න ඔය විදිහට යි ඔය දෘෂ්ඨීන් ගේ දුරු කිරීම වෙන්නෙ.
තත්‍රග්ගිවෙස්සන යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ‘ඒකච්චං මේ ඛමති, ඒකච්චං මේ න ඛමතී’ති. තත්ථ විඤ්ඤූ පුරිසෝ ඉති පටිසඤ්චික්ඛති. යා ඛෝ මේ අයං දිට්ඨි: ‘ඒකච්චං මේ ඛමති, ඒකච්චං මේ න ඛමතී’ති. ඉමඤ්චේ අහං දිට්ඨිං ථාමසා පරාමස්ස අභිනිවිස්ස වෝහරෙය්‍යං: ‘ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති. ද්වීහි මේ අස්ස විග්ගහෝ, යෝ චායං සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඒවංවාදී ඒවංදිට්ඨි: ‘සබ්බං මේ ඛමතී’ති. යෝ චායං සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඒවංවාදී ඒවංදිට්ඨි: ‘සබ්බං මේ න ඛමතී’ති. ඉමේහි අස්ස ද්වීහි විග්ගහෝ, ඉති විග්ගහේ සති විවාදෝ, විවාදේ සති විඝාතෝ, විඝාතේ සති විහේසා. ඉති සෝ විග්ගහඤ්ච විවාදඤ්ච විඝාතඤ්ච විහේසඤ්ච අත්තනි සම්පස්සමානෝ තඤ්චේව දිට්ඨිං පජහති. අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියති. ඒවමේතාසං දිට්ඨීනං පහානං හෝති. ඒවමේතාසං දිට්ඨීනං පටිනිස්සග්ගෝ හෝති.
පින්වත් අග්ගිවෙස්සන, එහිලා මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ඨි ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ; ‘ඇතැම් දෙයකට මං කැමතියි, ඇතැම් දෙයකට මං අකමැතියි’ කියල. ඒ දෘෂ්ඨිය පිළිබඳව බුද්ධිමත් කෙනෙක් මෙහෙම යි නුවණින් විමසන්නෙ. ‘ඇතැම් දෙයකට මං කැමතියි, ඇතැම් දෙයකට මං අකමැතියි’ කියන යම් දෘෂ්ඨියක් මා තුළ තියෙනවා නෙව. ඉතින් මං මේ දෘෂ්ඨිය ම දැඩි ලෙස අල්ලා ගෙන, එහි ම බැසගෙන මේ විදිහට කියන්නට ගියොත්, ‘මෙය ම යි සත්‍යය, අන් සියල්ල හිස්’ කියල එතකොට මට දෙන්නෙකු ගෙන් කරදර ඇති වෙනවා.යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ‘සියලු දෙයට මං කැමතියි’ කියා මෙබඳු මතවාදයකින් යුක්ත යි ද, මෙබඳු දෘෂ්ඨියකින් යුක්තයි ද, ඒ වගේ ම යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ‘සියලු දෙයට මං අකමැතියි’ කියා මෙබඳු මතවාදයකින් යුක්ත යි ද, මෙබඳු දෘෂ්ඨියකින් යුක්තයි ද, මේ දෙදෙනා ගෙන් තමයි මට කෝළාහළ ඇතිවන්නේ. ඉතින් මෙසේ දබරයක් ඇති වුනොත් විවාදයක් හට ගන්නවා. විවාදයක් ඇති වූ විට පීඩාවක් ඇතිවෙනවා. පීඩාවක් ඇති වූ විට වෙහෙසක් ඇතිවෙනවා. මේ විදිහට දබර හටගැනීම ත්, වාද විවාද කිරීම ත්, දුක් පීඩා ඇතිවීම ත්, වෙහෙසට පත් වීම ත්, තමා තුළ ඇති වෙන බව දකිමින් ඒ දෘෂ්ඨිය පවා අත්හරිනවා. වෙනත් දෘෂ්ඨියකට හසුවෙන්නෙත් නෑ. ඔන්න ඔය විදිහට යි ඔය දෘෂ්ඨීන් ගේ ප්‍රහාණය වෙන්නෙ. ඔන්න ඔය විදිහට යි ඔය දෘෂ්ඨීන් ගේ දුරු කිරීම වෙන්නෙ.
අයං ඛෝ පනග්ගිවෙස්සන කායෝ රූපී චාතුම්මහාභූතිකෝ මාතාපෙත්තිකසම්භවෝ ඕදනකුම්මාසූපචයෝ අනිච්චුච්ඡාදනපරිමද්දනභේදනවිද්ධංසනධම්මෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සිතබ්බෝ. තස්සිමං කායං අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සතෝ යෝ කායස්මිං කායඡන්දෝ කායස්නේහෝ කායන්වයතා සා පහීයති.
පින්වත් අග්ගිවෙස්සන, මේ කය සතර මහා භූතයන් ගෙන් හටගත් රූපයට අයත් දෙයක්. මව් පියන් නිසා හටගත් දෙයක්. බත් වෑංජන ආදියෙන් පෝෂණය වන දෙයක්. අනිත්‍ය වූ ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, විසිරීම් ආදිය උරුම කරගත් දෙයක්. එනිසා මේ කය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ඇදුම්කන ගඬුවක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට අයත් දෙයක් වශයෙන්, බිඳී යන දෙයක් වශයෙන්, තමා හෝ තමාට අයත් දෙයින් ශූන්‍ය දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් නුවණින් විමසා බැලිය යුතුයි. ඉතින් ඔහු මේ කය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ඇදුම්කන ගඬුවක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට අයත් දෙයක් වශයෙන්, බිඳී යන දෙයක් වශයෙන්, තමා හෝ තමාට අයත් දෙයින් ශූන්‍ය දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් නුවණින් විමසා බලන විට කය පිළිබඳව යම් කායික ආශාවක් ඇද්ද, කායික ස්නේහයක් ඇද්ද, කය අනුව සිත බැඳෙන ස්වභාවයක් ඇද්ද, එය ප්‍රහීණ වී යනවා.
තිස්සෝ ඛෝ ඉමා අග්ගිවෙස්සන වේදනා: සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛමසුඛා වේදනා. යස්මිං අග්ගිවෙස්සන සමයේ සුඛං වේදනං වේදේති, නේව තස්මිං සමයේ දුක්ඛං වේදනං වේදේති, න අදුක්ඛමසුඛං වේදනං වේදේති, සුඛංයේව තස්මිං සමයේ වේදනං වේදේති. යස්මිං අග්ගිවෙස්සන සමයේ දුක්ඛං වේදනං වේදේති, නේව තස්මිං සමයේ සුඛං වේදනං වේදේති, න අදුක්ඛමසුඛං වේදනං වේදේති, දුක්ඛංයේව තස්මිං සමයේ වේදනං වේදේති. යස්මිං අග්ගිවෙස්සන සමයේ අදුක්ඛමසුඛං වේදනං වේදේති, නේව තස්මිං සමයේ සුඛං වේදනං වේදේති, න දුක්ඛං වේදනං වේදේති, අදුක්ඛමසුඛංයේව තස්මිං සමයේ වේදනං වේදේති.
පින්වත් අග්ගිවෙස්සන, මේ විඳීම් ද තුනක් තියෙනවා. ඒ කියන්නේ සැප විඳීම, දුක් විඳීම හා දුක් සැප රහිත විඳීම යි. පින්වත් අග්ගිවෙස්සන, යම් වෙලාවක සැප විඳීමක් විඳිනවා නම්, ඒ වෙලාවෙහි දුක් විඳීමක් විඳින්නෙ නෑ. දුක් සැප රහිත විඳීමක් විඳින්නෙත් නෑ. ඒ වෙලාවෙහි සැප විඳීමක් ම යි විඳින්නෙ. පින්වත් අග්ගිවෙස්සන, යම් වෙලාවක දුක් විඳීමක් විඳිනවා නම්, ඒ වෙලාවෙහි සැප විඳීමක් විඳින්නෙ නෑ. දුක් සැප රහිත විඳීමක් විඳින්නෙත් නෑ. ඒ වෙලාවෙහි දුක් විඳීමක් ම යි විඳින්නෙ. පින්වත් අග්ගිවෙස්සන, යම් වෙලාවක දුක් සැප රහිත විඳීමක් විඳිනවා නම්, ඒ වෙලාවෙහි සැප විඳීමක් විඳින්නෙ නෑ. දුක් විඳීමක් විඳින්නෙත් නෑ. ඒ වෙලාවෙහි දුක් සැප රහිත විඳීමක් ම යි විඳින්නෙ.
සුඛාපි ඛෝ අග්ගිවෙස්සන වේදනා අනිච්චා සංඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරෝධධම්මා, දුක්ඛාපි ඛෝ අග්ගිවෙස්සන වේදනා අනිච්චා සංඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරෝධධම්මා, අදුක්ඛමසුඛාපි ඛෝ අග්ගිවෙස්සන වේදනා අනිච්චා සංඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරෝධධම්මා.
පින්වත් අග්ගිවෙස්සන, සැප විඳීම ත් අනිත්‍යය යි. සංඛත යි. හේතු ප්‍රත්‍යයන් තුළින් සකස් වූ දෙයක්. ක්ෂය වී යන ස්වභාවයට අයිති දෙයක්. වැනසී යන ස්වභාවයට අයිති දෙයක්. ඇල්ම දුරු කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. පින්වත් අග්ගිවෙස්සන, දුක් විඳීම ත් අනිත්‍යය යි. සංඛත යි. හේතු ප්‍රත්‍යන් තුළින් සකස් වූ දෙයක්. ක්ෂය වී යන ස්වභාවයට අයිති දෙයක්. වැනසී යන ස්වභාවයට අයිති දෙයක්. ඇල්ම දුරු කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. පින්වත් අග්ගිවෙස්සන, දුක් සැප රහිත විඳීම ත් අනිත්‍යය යි. සංඛත යි. හේතු ප්‍රත්‍යයන් තුළින් සකස් වූ දෙයක්. ක්ෂය වී යන ස්වභාවයට අයිති දෙයක්. වැනසී යන ස්වභාවයට අයිති දෙයක්. ඇල්ම දුරු කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති දෙයක්.
ඒවං පස්සං අග්ගිවෙස්සන සුතවා අරියසාවකෝ සුඛායපි වේදනාය නිබ්බින්දති, දුක්ඛායපි වේදනාය නිබ්බින්දති, අදුක්ඛමසුඛායපි වේදනාය නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති, ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. ඒං විමුත්තචිත්තෝ ඛෝ අග්ගිවෙස්සන භික්ඛු න කේනචි සංවදති. න කේනචි විවදති. යඤ්ච ලෝකේ වුත්තං තේනේව වෝහරති අපරාමසන්ති.
පින්වත් අග්ගිවෙස්සන, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සැප වේදනාව ගැන ත් අවබෝධයෙන් ම කළකිරෙනවා. දුක් වේදනාව ගැන ත් අවබෝධයෙන් ම කළකිරෙනවා. දුක් සැප රහිත වේදනාව ගැන ත් අවබෝධයෙන් ම කළකිරෙනවා. කළකිරුණු විට නො ඇලෙනවා. නො ඇලීම නිසා එයින් නිදහස් වෙනවා. එයින් නිදහස් වූ කල්හි විමුක්තියට පත් වුනා යන ඤාණය ඇතිවෙනවා. එතකොට ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. මත්තෙහි කළ යුතු කිසිවක් නැතැ’යි අවබෝධ කරගන්නවා.පින්වත් අග්ගිවෙස්සන, එසේ විමුක්ත සිත් ඇති භික්ෂුව කිසිවෙකු සමඟ වාද කරන්නෙ නෑ. කිසිවෙකු සමඟ විවාද කරන්නෙත් නෑ. ලෝකයෙහි යමක් කියන ලද්දේ නම් එය නො බැඳුණු සිතින් යුතුව ව්‍යවහාර කරනවා.”
තේන ඛෝ පන සමයේන ආයස්මා සාරිපුත්තෝ භගවතෝ පිට්ඨිතෝ ඨිතෝ හෝති භගවන්තං වීජයමානෝ. අථ ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස ඒතදහෝසි: තේසං තේසං කිර නෝ භගවා ධම්මානං අභිඤ්ඤා පහානමාහ. තේසං තේසං කිර නෝ සුගතෝ ධම්මානං අභිඤ්ඤා පටිනිස්සග්ගමාහාති. ඉති’හිදං ආයස්මතෝ සාරිපුත්තස්ස පටිසඤ්චික්ඛතෝ අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චි. දීඝනඛස්ස පන පරිබ්බාජකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරෝධධම්මන්ති.
ඒ වෙලාවෙහි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් භාග්‍යවතුන් වහන්සේට පවන් සළමින් සිටගෙන සිටියා. එහිදී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මේ අදහස ඇතිවුනා. ‘භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ධර්මයන් පිළිබඳව විශිෂ්ට වූ නුවණින් ම යි ප්‍රහාණය කිරීම ගැන අපට වදාරන්නේ. සුගතයන් වහන්සේ ඒ ඒ ධර්මයන් පිළිබඳව විශිෂ්ට වූ නුවණින් ම යි දුරුකිරීම ගැන අපට වදාරන්නේ’ කියල මෙසේ නුවණින් විමසමින් සිටිය දී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන් ගෙන් නිදහස් වුනා. දීඝනඛ පිරිවැජියාට ද ‘හේතු ප්‍රත්‍යයන් ගෙන් හට ගන්නා වූ යම් දෙයක් ඇද්ද, ඒ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත යැ’යි කෙලෙස් රහිත වූ අවිද්‍යා මළ රහිත වූ දහම් ඇස පහළ වුනා.
අථ ඛෝ දීඝනඛෝ පරිබ්බාජකෝ දිට්ඨධම්මෝ පත්තධම්මෝ විදිතධම්මෝ පරියෝගාළ්හධම්මෝ තිණ්ණවිචිකිච්ඡෝ විගතකථංකථෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්ථුසාසනේ භගවන්තං ඒතදවෝච:
ඉතින් දුටු දහම් ඇති, පැමිණි දහම් ඇති, දැනගත් දහම් ඇති, බැසගත් දහම් ඇති, එතෙර වූ සැක ඇති ‘කෙසේද, කෙසේද’ යන අවිනිශ්චිත බව පහ කොට විශාරද බවට පැමිණි, ශාස්තෘ ශාසනයෙහි බාහිර උපකාර රහිත බවට පැමිණි දීඝනඛ පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය වදාළා.
අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම. සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය, චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තීති. ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.
“පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙ යි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වවූවා වගෙ යි. ඔන්න ඔය විදියට යි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මාත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවන ත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”
I have heard that on one occasion the Blessed One was staying near Rajagaha on Vulture's Peak Mountain, in the Boar's Cave. Then LongNails the wanderer[1] went to the Blessed One and, on arrival, exchanged courteous greetings with him. After an exchange of friendly greetings & courtesies, he stood to one side. As he was standing there, he said to the Blessed One, "Master Gotama, I am of the view, of the opinion, that 'All is not pleasing to me.'"
"But even this view of yours, Aggivessana — 'All is not pleasing to me' — is even that not pleasing to you?'"
"Even if this view of mine were pleasing to me, Master Gotama, it would still be the same, it would still be the same."
"Well, Aggivessana, there are more than many in the world who say, 'It would still be the same, it would still be the same,' yet they both do not abandon that view and they cling to another view. There are fewer than few in the world who say, 'It would still be the same, it would still be the same,' and they both abandon that view and do not cling to another view.
"There are some brahmans & contemplatives who are of the view, of the opinion, that 'All is pleasing to me.' There are some brahmans & contemplatives who are of the view, of the opinion, that 'All is not pleasing to me.' There are some brahmans & contemplatives who are of the view, of the opinion, that 'A part is pleasing to me; a part is not pleasing to me.'
"With regard to those brahmans & contemplatives who are of the view, of the opinion, that 'All is pleasing to me': That view of theirs is close to being impassioned, close to bondage, close to delighting, close to holding, close to clinging. With regard to those brahmans & contemplatives who are of the view, of the opinion, that 'All is not pleasing to me': That view of theirs is close to not being impassioned, close to non-bondage, close to not-delighting, close to not-holding, close to not-clinging."
When this was said, LongNails the wanderer said to the Blessed One, "Master Gotama commends my viewpoint. Master Gotama recommends my viewpoint."
"With regard to those brahmans & contemplatives who are of the view, of the opinion that 'A part is pleasing to me; a part is not pleasing to me': Whatever is pleasing to them, their view is close to being impassioned, close to bondage, close to delighting, close to holding, close to clinging. Whatever is not pleasing to them, their view is close to not being impassioned, close to non-bondage, close to not-delighting, close to not-holding, close to not-clinging.
"With regard to those brahmans & contemplatives who are of the view, of the opinion, 'All is pleasing to me': A wise person among them considers that 'If I were to grasp and insist firmly on this view of mine that "All is pleasing to me," and to state that "Only this is true, all else is worthless," I would clash with two — the brahman or contemplative who is of the view, of the opinion that "All is not pleasing to me" and the brahman or contemplative who is of the view, of the opinion that "A part is pleasing to me; a part is not pleasing to me." I would clash with these two. Where there is a clash, there is dispute. Where there is a dispute, quarreling. Where there is quarreling, annoyance. Where there is annoyance, frustration.' Envisioning for himself clash, dispute, quarreling, annoyance, frustration, he both abandons that view and does not cling to another view. Thus there is the abandoning of these views; thus there is the relinquishing of these views.
"With regard to those brahmans & contemplatives who are of the view, of the opinion that 'All is not pleasing to me': A wise person among them considers that 'If I were to grasp and insist firmly on this view of mine that "All is not pleasing to me," and to state that "Only this is true, all else is worthless," I would clash with two — the brahman or contemplative who is of the view, of the opinion that "All is pleasing to me" and the brahman or contemplative who is of the view, of the opinion that "A part is pleasing to me; a part is not pleasing to me." I would clash with these two. Where there is a clash, there is dispute. Where there is a dispute, quarreling. Where there is quarreling, annoyance. Where there is annoyance, frustration.' Envisioning for himself clash, dispute, quarreling, annoyance, frustration, he both abandons that view and does not cling to another view. Thus there is the abandoning of these views; thus there is the relinquishing of these views.
"With regard to those brahmans & contemplatives who are of the view, of the opinion that 'A part is pleasing to me; a part is not pleasing to me': A wise person among them considers that 'If I were to grasp and insist firmly on this view of mine that "A part is pleasing to me; a part is not pleasing to me," and to state that "Only this is true, all else is worthless," I would clash with two — the brahman or contemplative who is of the view, of the opinion that "All is pleasing to me" and the brahman or contemplative who is of the view, of the opinion that "All is not pleasing to me." I would clash with these two. Where there is a clash, there is dispute. Where there is a dispute, quarreling. Where there is quarreling, annoyance. Where there is annoyance, frustration.' Envisioning for himself clash, dispute, quarreling, annoyance, frustration, he both abandons that view and does not cling to another view. Thus there is the abandoning of these views; thus there is the relinquishing of these views.
"Now, Aggivessana, this body — endowed with form, composed of the four primary elements, born from mother & father, nourished with rice & porridge, subject to inconstancy, rubbing, pressing, dissolution, and dispersion — should be envisioned as inconstant, stressful, a disease, a cancer, an arrow, painful, an affliction, alien, a disintegration, an emptiness, not-self. In one who envisions the body as inconstant, stressful, a disease, a cancer, an arrow, painful, an affliction, alien, a disintegration, an emptiness, not-self, any desire for the body, attraction to the body, following after the body is abandoned.
"There are these three kinds of feeling: a pleasant feeling, a painful feeling, and neither-pleasant-nor-painful feeling. On the occasion when one feels a pleasant feeling, one does not feel either a painful feeling or a neither-pleasant-nor-painful feeling. One feels only a pleasant feeling on that occasion. On the occasion when one feels a painful feeling, one does not feel either a pleasant feeling or a neither-pleasant-nor-painful feeling. One feels only a painful feeling on that occasion. On the occasion when one feels a neither-pleasant-nor-painful feeling, one does not feel either a pleasant feeling or a painful feeling. One feels only a neither-pleasant-nor-painful feeling on that occasion.
"A pleasant feeling is inconstant, fabricated, dependently co-arisen, subject to ending, subject to vanishing, fading, ceasing. A painful feeling is also inconstant, fabricated, dependently co-arisen, subject to ending, subject to vanishing, fading, ceasing. A neither-pleasant-nor-painful feeling is also inconstant, fabricated, dependently co-arisen, subject to ending, subject to vanishing, fading, ceasing.
"Seeing this, an instructed disciple of the noble ones grows disenchanted with pleasant feeling, disenchanted with painful feeling, disenchanted with neither-pleasant-nor-painful feeling. Disenchanted, he grows dispassionate. From dispassion, he is released. With release, there is the knowledge, 'Released.' He discerns, 'Birth is ended, the holy life fulfilled, the task done. There is nothing further for this world.' A monk whose mind is thus released does not take sides with anyone, does not dispute with anyone. He words things by means of what is said in the world but without grasping at it."
Now at that time Ven. Sariputta was sitting[2] behind the Blessed One, fanning him. The thought occurred to him, "Indeed, it seems that the Blessed One speaks to us of the abandoning of each of these mental qualities through direct knowledge.[3] Indeed, it seems that the One Well-gone speaks to us of the relinquishing of each of these mental qualities through direct knowledge."[4] As Ven. Sariputta was reflecting thus, his mind was released from fermentations through not-clinging. While in LongNails the wanderer there arose the dustless, stainless Dhamma eye: "Whatever is subject to origination is all subject to cessation."
Then LongNails the wanderer — having seen the Dhamma, having attained the Dhamma, having known the Dhamma, having fathomed the Dhamma, having crossed over and beyond uncertainty, having no more perplexity, having gained fearlessness, having becoming independent of others with regard to the Teacher's message — said to the Blessed One: "Magnificent, Master Gotama! Magnificent! Just as if he were to place upright what was overturned, to reveal what was hidden, to show the way to one who was lost, or to carry a lamp into the dark so that those with eyes could see forms, in the same way has Master Gotama — through many lines of reasoning — made the Dhamma clear. I go to Master Gotama for refuge, to the Dhamma, and to the Community of monks. May Master Gotama remember me as a lay follower who has gone to him for refuge, from this day forward, for life."[5]
We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.